Category Local News

තැපැල් ඡන්ද පත්‍රිකා ගැන ගත්ත තීරණය

මෙවර ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා අවශ්‍ය වන නිල ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මලු බෙදා හැරීම අද (26) සිට ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 4, 5 සහ 6 යන දිනවලදී සිදු කිරීමට…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවයි

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊට අදාළ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇති බව සඳහන්. ඡන්ද විමසීම සඳහා ඇප මුදල්…

ජනපති අපේක්ෂකගේ සාදයට වැඩ වරදී

අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවකට සහභාගී වූ ආරාධිතයන් සදහා සුදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන බවට අනුරාධපුර…

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) සිදුවුණා. ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මරදාන දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි වියේ පසුවූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි.

ප්‍රධාන මාර්ගයක දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දැනුම් දී තිබේ. ඒ අනූව ප්‍රධාන දුම්රිය මාර්ගයෙ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (26) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

මට ඉගැන්වූ ගුරුවරු සජිත්ට නොසිටි නිසා අභියෝග හමුවේ පැන ගියා -ජනපති මඩකළපුවේදී කියයි

මටත් අගමැතිතුමාටත්, හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මැතිතුමාටත්, හිටපු ඇමැති මලික් සමරවික්‍රම මැතිතුමාටත් වයස අවුරුදු දොළහ, දහතුන, දාහතරේ දී අභියෝගවලින් පැන නොයන ලෙස ඉගැන්වූ බී. සිවලිංගම් වැනි ගුරුවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉගැන්නුවේ නැති නිසා ඔහු අභියෝග බාර නොගෙන පලා…

මාතෘ භූමියේ වගකීම භාරගත හැකි-නොහැකි අය අතර සටනක් අද නිර්මාණය වෙලා -අගමැති දිනේෂ් ගුණවර්ධන

මාතෘ භූමියේ වගකීම භාරගන්න බැරි අපේක්ෂකයන් සහ මාතෘ භූමියේ අභියෝග භාරගත හැකි අපේක්ෂකයෙක් අතර සටනක් මෙවර ජනාධිපතිවරණයේදී නිර්මාණය වී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ කැලණිය, අංගොඩ සහ මහරගම ප්‍රදේශවල පෙරේදා (24) පැවති ජනහමු කිහිපයකට එක්…