Category Local News

රනිල්ගේ නුගේගොඩ මහ රැලිය හෙට

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන පොදු ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ප්‍රථම මහජන රැලිය හෙට (28) පස්වරු 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අබියස දී පැවැත්වේ. 

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දුප්පත් රටක කටුක ජීවිතයක් වෙත ගමන් කරන මාර්ගයක්-මුදල් ප්‍රවාහය අස්ථාවර කර රට 2022 තත්ත්වයට ගෙන ඒමට කරන උත්සාහයක්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ ˝දුප්පත් රටක් – කටුක ජීවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ කොළඹ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට ඊයේ (26) එක්වෙමිනි. ජනතා…

මා සමඟ සිටින්නේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායමයි -ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති නීතිඥ හමුවේදී ජනපති කියයි

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂතම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමා සමඟ සිටින ආර්ථික කණ්ඩායම අබිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නැති බවත් ජනාධිපති රනිල්…

පුනාගල රක්ෂිතයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය වෙයි

කොස්ලන්ද පුනාගල කඳු රක්ෂිතයේ බෑවුම් කොටසේ වැල්ලවාය මායිමේ පැතිර ගිය ගින්න අද (27) අලුයම් කාලය වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. එම ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිරගොස් ඇති අතර එම නිසා…

යල කන්නයේ වී මිල දී ගැනීමට රජයෙන් මුදල්

රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබාදී තිබෙනවා. මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…

පොල්ලකින් පහරදී බිරිඳ මැරූ නරුම සැමියා

හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ කාන්තාවකට පුද්ගලයෙකු පොල්ලකින් පහරදීම හේතුවෙන් එම කාන්තාව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 63ක් වූ එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් මියගිය කාන්තාවගේ සැමියා විසින් පවුල් ආරවුලක් දුරදිග යාම මත මෙලෙස පොල්ලකින් පහරදී මෙම ඝාතනය…

අද ඇතැම් ප්‍රදේශවලට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

කෝටි 4ක භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙකු කටුනායකදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට අද (26) උදෑසන ඔවුන් පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු…

ජනපතිවරණය වෙනුවෙන් කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරයි

2024 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරන…

ජනපතිවරණයේ වැඩවලට නොමිලයේ ප්‍රවාහන පහසුකම් තහනම්

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම සියලු ජනාධිපති අපේක්ෂකයින්ට තහනම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම්දී ඇති බව සඳහන්. එමෙන්ම රජයේ ගුවන් යානා…