Category Local News

මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීම යනු IMF සමඟ ගිවිසුම අවසන් කිරීමයි

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දීම…

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් ලක්ෂ 4ක දඩයකුත් ගහයි

හදිසි ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීම සඳහා විදේශ ආධාර ලෙස ලැබුණු රුපියල් කෝටි 2ක් පමණ වටිනා වාහනයක් අයථා ලෙස භාවිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ (27) බරපතළ වැඩ සහිතව…

සමෘද්ධි කළමනාකාරවරයා රිය අනතුරකින් මිය යයි

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන සමෘද්ධි කළමනාකාරවරයා යාපනයේදී සිදු වූ රිය අනතුරකින් පෙරේදා (26) මියගොස් තිබේ. පද්මනාදන් අයින්කරන් නමැති 50 හැවිරිදි ඔහු සිය දරුවා උපකාරක පන්තියකින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී ඔහු ගමන් කළ යතුරුපැදිය යාපනය නගරයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන්…

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා මුදලට ගිනිඅවි දෙකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කළා

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදලට ගිනි අවි දෙකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය. ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ…

ලබන බ්‍රහස්පතින්දා එළියට එන ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 29 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. “පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව සඳහන්. මේ අතර සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…

ඇල්පිටියේ පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව ලබන 26 දින සිට සැප්තැම්බර් 13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා. අදාළ කාලසීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්…

කොළඹ නගරයට එළිය ගෙනෙන ඔලිම්පික් ප්‍රමිතියේ නිල් හොකී පිටිය

වසර ගණනාවක් කතාබහට ලක්වූ කොළඹ හොකී පිටිය ඉතා කෙටි කාලයකදී අංගසම්පූර්ණ ලෙස නිමකිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. මෙම ව්‍යාපෘතියේ නිමාව හොකී ක්‍රීඩාවල ඇල්මක් දක්වන සියලුම හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම හොකී පරිපාලනයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ලෝක හොකී සම්මේලනයේ (World…

සමෘද්ධි නිලධාරීන් ගැන තීරණයක්

සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුවපිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන…

ලංකාවේ ඩිමෙන්ශියා රෝගී පුද්ගලයින් ලක්‍ෂ 04ක්

ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට…

බහරේනයට එන විදෙස් ශ්‍රමිකයින්ට විවෘත වන ජාත්‍යන්තර බැංකු ගිණුම්

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන්තොටුපොළෙන් ඇතුළු වන සියලුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරිය (LMRA)පියවර ගෙන තිබෙනවා. එය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටයි එරට ශ්‍රී ලංකා තානාපති…