Category Local News

ජනපතිවරයාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්වයි. වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම අභියාචනාධිකරණයට විනිසුරුවරුන්…

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වුණොත් එය විශාල ගැටලුවක් -සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වුවහොත් රට තුළ දැවැන්ත ගැටලුවක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පවසනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ යල කන්නයේ…

“සොබාදනවි” පළමු අදියර ජනපති සුරතින් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස…

නෙත්තමළුව රක්ෂිතයේ හටගත් ගින්නෙන් විශාල හානියක්

වැල්ලවාය නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 20 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්. ප්‍රදේශයට පවතින දැඩි…

රබර් වගාවටත් පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නොමැති බවට ශ්‍රී…

අද වැසිවාර කිහිපයක්

උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. සිය මැතිවරණ කටයුතු…

අපේ රටට ජාතික පිබිදීමක් අවශ්‍යයි -ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ රටට ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (22) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.…

IMF ගිවිසුම ගැන වීඩියෝ සාකච්ඡාවට සජබ සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ සකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන බවත්… එම සාකච්ඡාවට එක්වීමට තමන් ඇතුළු කණ්ඩායම ද සූදානම් බව සමගි ජන…

අපි 13 දෙන්නේ නෑ: සජිත්-අනුර දෙනවා කියනවා

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැප වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි. 13 නොදෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළ ද සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙකුත් අපේක්ෂකයන් එය දෙන…