Category Local News

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නැහැ – අනුර

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. මේ වන විට දේශපාලනය කැරකීමට පටන්ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය වටා බව සියලු දෙනා දන්නා බවයි අද (28) කන්තලේ පැවති ජන රැළියකට එක්වෙමින්…

මේ වසරේදී කොරියානු රැකියා 5499 ක්

2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55දෙනෙකු අද‍(28)…

අතුරුදහන්වුවන්ගේ පවුල් උදවියට යුක්තිය ඉටුකරන බවට ඇමති සබ්රිගෙන් සහතිකයක්

මේ දක්වා පුද්ගලයින් දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ…

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතානගේ නම ගැසට් කෙරේ

පුරප්පාඩු වී පවතින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පැවතුණා.

උපයන විට ගෙවන බද්ද සංශෝධනයට?

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්…

පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය පෙන්වාදුන් ජනපති

2050 වසර වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ තුළින් ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවයි ජනාධිපතිවරයා…

ජනපති හමුවූ නිදහස් පක්ෂ කෝට්ටේ ප්‍රධානියා

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර තිබෙනවා. එම පත්වීම් ලිපිය නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදුන් අතර අමාත්‍ය…

රණවිරුවාගේ හදගැස්ම හඳුනන නායකයා මහින්ද බිහිකළේ පොහොට්ටුවයි -ජනපති අපේක්ෂක නාමල්

සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසාදුන් වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රණවිරුවාගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ…

රබර් වගාවේ පැතිර යන රෝගයක් සඳහා කළ රසායනික අත්හදා බැලීමක් සාර්ථක වෙයි

රබර් වගාවේ පැතිර යන නව පත්‍ර පුල්ලි රෝගය සඳහා පළමුවරට කළ රසායනික අත්හදා බැලීමක් 80% කින් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසනවා. මෙම පත්‍ර පුල්ලි රෝගය දැනට කළුතර, රත්නපුර මෙන්ම මොණරාගල හා අම්පාර ප්‍රදේශවලට ද පැතිර ගොස්…

සෙල්ලකතරගම දී පාසල් ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන් පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙයි. එලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ දරුවන් 10 දෙනෙක් සහ දෙමාපියන් තිදෙනෙක් බවයි වාර්තා වෙයි. මේ පිරිස කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔවුන් සෙල්ලකතරගම…