Category Foreign

ඊශ්‍රායල ප්‍රහාර ගැන ජෝ බයිඩ්න්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන මාසයේ පැවැත්වෙන අමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීම සඳහා ගාසා සටන් විරාම ගිවිසුමකට එකඟ වීම ප්‍රමාද කරන්නේ දැයි තමාට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය හමුවකදී අමෙරිකානු ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙන…

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට එයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා අද (04)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්…

ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් චෝදනාවකට සිංගප්පූරුවේ හිටපු කැබිනට් ඇමැතිට වසරක සිරදඬුවම්

සිය ධුරකාලයේදී සිංගප්පූරු ඩොලර් ලක්ෂ 4ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික මුදලක්) අල්ලස් ගත් එරට හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකුට වසරක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිරදඬුවම් නියම වී ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත සුබ්‍රමනියම් ඊස්වරන් නමැති…

ත්‍රස්තවාදයට සහාය දක්වන බවට පාකිස්තාන රජයට චෝදනා

ත්‍රස්තවාදයට සහ හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ජනතාව විරෝධතා රැලියක් පැවැත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එම කලාපයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රහාරවලට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව එම විරෝධතා රැලිය පවත්වා…

ජිමී කාටර් සියවැනි උපන් දිනය සමරයි

වසර 1977 සිට 1981 දක්වා කාලය අතරතුර අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් පසුගියදා ශතසංවත්සරික උපන්දිනය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ජීවන ගමන් මගේ සියවස සම්පූර්ණ කළ පළමු ජනාධිපතිවරයා ලෙස වාර්තාපොතට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…

කාශ්මීර් මැතිවරණ නිරීක්ෂණයට රටවල් 15කින් නියෝජිතයෝ

වසර 10කට පසු පළමුවරට ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පැවැති ප්‍රාන්ත මැතිවරණය පෙරේදා අවසන් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රටවල් 15ක විදේශ නියෝජිතයන්ට අවස්ථාව උදා වූ මෙවර කාශ්මීරයේ මැතිවරණය පවත්වා ඇත්තේ එම ප්‍රාන්තයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂිත තත්ත්වය සඳහන්…

ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට රටවල් රැසකින් ඉන්දියාවට සහාය

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා 79 වැනි මහා මණ්ඩල සැසියේදී ලෝක රාජ්‍ය නායකයන් රැසක් සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසියේදී ඉන්දියාවට…

දිගටම ඊශ්‍රායලයට සහාය දෙනවා – අමෙරිකාව කියයි

ඉදිරියේදී ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ඉරාන ප්‍රහාරයකදී අමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කර තිබේ. ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරය වැළැක්වීමට අමෙරිකාවෙන් ද…

මැදපෙරදිග යුද්ධයට ඉරානයත් පැටලෙයි-මිසයිල වරුසාවකින් ඊශ්‍රායලය දෙදරයි

මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින් ඉරානය පෙරේදා රාත්‍රී ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව විසින් බැලැස්ටික් මිසයිල සහ කෘෘස් මිසයිල 150කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරනු ලැබූ බවට බටහිර මාධ්‍ය වාර්තා කළද,…

ජපාන ගුවන් තොටුපොළක බෝම්බයක් පුපුරයි

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය අමෙරිකා එක්සත් ජනපද බෝම්බයක් බවයි මෙම බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි සැලකෙනවා.…