Category Foreign

ඇල්ප්ස් කඳුවැටියේ ග්ලැසියර දියවී ඉතාලි-ස්විට්සර්ලන්ත දේශසීමා යළි අඳී

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇල්ප්ස් හිම කඳුකරයේ ග්ලැසියර දියවීමෙන් ඒ අතර පිහිටි ඉතාලි හා ස්විට්සර්ලන්ත දේශසීමාව වෙනස් වී ඇතැයි ද, එම දේශසීමාව නැවත සකස් කිරීමට දෙරටේම බලධාරීන්ට සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකට ආසන්නයේ පිහිටි එම යුරෝපා රටවල නියෝජිතයන්…

වසර 142කට පසු බ්‍රිතාන්‍ය ගල් අඟුරු විදුලි නිෂ්පාදනය නවතා දමයි

ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමමින් වසර 142ක පොසිල ඉන්ධන මත යැපුණු යුගය අවසන් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1967දී ආරම්භ කළ රැට්ක්ලිෆ් හි පිහිටි එරට අවසන් ගල්අඟුරු විදුලි බලාගාරයේ මෙහෙයුම් පසුගියදා නිමාවට පත් කළ බව…

අයිෆා සම්මාන උලෙළේ හොඳම නළුවා ෂාරුක්

ජවාන් චිත්‍රපටයේ රංගනය උදෙසා බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් මෙවර ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමි සම්මාන උලෙළේ (අයිෆා) හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර පසුගියදා පැවැති 24 වැනි අයිෆා…

තායිලන්තයේ ගිනි ගත් බස් රථය -පාසල් ළමුන් සහ ගුරුවරුන් මරුට

තායිලන්තයේ බස් රථයක හටගත් ගින්න හේතුවෙන් ළමුන් සහ ගුරුවරුන් 20 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා. බස් රථයේ ටයරයක් පුපුරායාමෙන් අනතුරුව ගින්න හටගෙන ඇති අතර අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ එහි මගීන් 44 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල…

ජපානයේ මහ මැතිවරණයට දින නියම වෙයි

ජපානයේ මහ මැතිවරණය එළඹෙන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 27 වනදා මහ මැතිවරණය පැවැත්වීමට එරට අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් එම මැතිවරණය සඳහා යළිත් වරක් ඉදිරිපත් වන්නේ ද යන්න…

පාකිස්තානයේ ඩෙංගු හිස ඔසවයි

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ඩෙංගු රෝගය ඉතා බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව මේ වන විට ඩෙංගු රෝගීන් 760 දෙනකු වාර්තා වී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා…

ඉන්දියාවෙන් නේපාලයට රුපියල් මිලියන 474ක සංවර්ධන ව්‍යාපෘති

නේපාලයේ අතිශය වැදගත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 12ක් සඳහා ඉන්දියාව අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ජාතික ප්‍රමුඛතා ලැයිස්තුවේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පසුගියදා කත්මණ්ඩු නුවර ඉන්දීය තානාපති කාර්යාලය සහ නේපාල රජය අතර එම ගිවිසුම් අත්සන්…

හකා නර්තන ලෝක වාර්තාව නවසීලන්තය අලුත් කරයි

ලොව පුරා ජනප්‍රිය නවසීලන්තයේ මඕරි ගෝත්‍රික ප්‍රජාවේ සම්ප්‍රදායික හකා නර්තන විලාශයෙන් ලෝක වාර්තාව පසුගියදා එරට ඕක්ලන්ඩ් ප්‍රාන්තයේදී බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ ඊඩ්න් පාක් රග්බි ක්‍රීඩාංගණයේදී පුද්ගලයන් 6,531 දෙනකු එක්ව එම නර්තනය ඉදිරිපත් කරමින් බිඳ දමනු…

හෙස්බුල්ලා සංවිධානය නව නායකයකු පත් කරගනී

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිටපු නායක හසන් නස්රුල්ලා මිය යෑමෙන් දෙදිනක් ගත වෙද්දී හෙස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ඇතැයි අල් ඇරබියා පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංවිධානයේ විධායක කවුන්සිලය නව නායකයා ලෙස 60 හැවිරිදි හෂීම් සෆීඩීන්…

ඊශ්‍රායලය මැදපෙරදිග යුද්ධය තවත් අවුළුවයි-යේමනයටත් මිසයිල ප්‍රහාර

මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් වර්ධනය කරමින් ඊශ්‍රායල හමුදාව යේමනයේ හඳුනාගත් හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනටමත් ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලය රතු මුහුදේ…