Category Foreign

ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් චෝදනාවකට සිංගප්පූරුවේ හිටපු කැබිනට් ඇමැතිට වසරක සිරදඬුවම්

සිය ධුරකාලයේදී සිංගප්පූරු ඩොලර් ලක්ෂ 4ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික මුදලක්) අල්ලස් ගත් එරට හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකුට වසරක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිරදඬුවම් නියම වී ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත සුබ්‍රමනියම් ඊස්වරන් නමැති…

ත්‍රස්තවාදයට සහාය දක්වන බවට පාකිස්තාන රජයට චෝදනා

ත්‍රස්තවාදයට සහ හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ජනතාව විරෝධතා රැලියක් පැවැත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එම කලාපයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රහාරවලට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව එම විරෝධතා රැලිය පවත්වා…

ජිමී කාටර් සියවැනි උපන් දිනය සමරයි

වසර 1977 සිට 1981 දක්වා කාලය අතරතුර අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් පසුගියදා ශතසංවත්සරික උපන්දිනය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ජීවන ගමන් මගේ සියවස සම්පූර්ණ කළ පළමු ජනාධිපතිවරයා ලෙස වාර්තාපොතට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…

කාශ්මීර් මැතිවරණ නිරීක්ෂණයට රටවල් 15කින් නියෝජිතයෝ

වසර 10කට පසු පළමුවරට ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පැවැති ප්‍රාන්ත මැතිවරණය පෙරේදා අවසන් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රටවල් 15ක විදේශ නියෝජිතයන්ට අවස්ථාව උදා වූ මෙවර කාශ්මීරයේ මැතිවරණය පවත්වා ඇත්තේ එම ප්‍රාන්තයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂිත තත්ත්වය සඳහන්…

ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට රටවල් රැසකින් ඉන්දියාවට සහාය

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා 79 වැනි මහා මණ්ඩල සැසියේදී ලෝක රාජ්‍ය නායකයන් රැසක් සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසියේදී ඉන්දියාවට…

දිගටම ඊශ්‍රායලයට සහාය දෙනවා – අමෙරිකාව කියයි

ඉදිරියේදී ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ඉරාන ප්‍රහාරයකදී අමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කර තිබේ. ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරය වැළැක්වීමට අමෙරිකාවෙන් ද…

මැදපෙරදිග යුද්ධයට ඉරානයත් පැටලෙයි-මිසයිල වරුසාවකින් ඊශ්‍රායලය දෙදරයි

මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින් ඉරානය පෙරේදා රාත්‍රී ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව විසින් බැලැස්ටික් මිසයිල සහ කෘෘස් මිසයිල 150කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරනු ලැබූ බවට බටහිර මාධ්‍ය වාර්තා කළද,…

ජපාන ගුවන් තොටුපොළක බෝම්බයක් පුපුරයි

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය අමෙරිකා එක්සත් ජනපද බෝම්බයක් බවයි මෙම බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි සැලකෙනවා.…

නේපාලයේ ගුවන්තොටුපොළ 2කට මූල්‍ය වංචා චෝදනා ණය ගෙවීමටවත් ආදායමක් නැති බව හෙළිවෙයි

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ලුම්බිණි නුවර ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම චෝදනා විමර්ශනය සඳහා නේපාල නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යටතේ මහජන ගිණුම් පිළිබඳ කමිටු දෙකක් ස්ථාපිත කර…

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් කර ඇත. උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් සදුදා (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. 73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා…