Category Foreign

නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ වර්ධනයට චීනයෙන් පියවර

චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරයි. ඒ අනුව, රටේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන ව්‍යවසායයන්ට අදාළ ව්‍යාපාරවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන විදේශ රටවල ස්ථාපිත කිරීමට…

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 ක් මරුට

පාකිස්තානයේ Balochistan පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. දෙවන පිපිරීමෙන් කිලෝමීටර්…

ගුවන් අනතුරකින් චිලි රාජ්‍යයේ හිටපු ජනපතිවරයෙක් මරුට

චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරට හේතුව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී…

චාල්ස් රජුට පිළිකාවක්

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. පිළිකා වර්ගය අනාවරණය වී නොමැති බවත් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන අතර නමුත් ඔහුගේ විශාල වූ පුරස්ථි ග්‍රන්ථියට ප්‍රතිකාර කිරීමේදී මෙය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. චාල්ස් රජු…

අලුත් ග්‍රහලෝකයක් ‘නාසා’ සොයාගනියි

පෘථිවියේ ප්‍රමාණයට සමාන ජීවයේ පැවැත්මට හිතකර ග්‍රහලෝකයක් සොයාගත් බව ‘නාසා’ ආයතනය අනාවරණය කරයි. එය තාරකා විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව, අපට තරමක් සමීපව ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇත. ‘සුපිරි පෘථිවිය'(super-Earth) යනුවෙන් නම්කර ඇති මෙම ග්‍රහලෝකය කුඩා, රතු පැහැති තාරකාවක් වටා…

ඔස්ට්‍රේලියානු ලේඛකයාට චීනයේදී මරණ දඬුවම

චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි ඔහුට වසර පහකට පසුව චීන අධිකරණය මෙම අත්හිටවූ මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

76 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (04) යොමු කර ඇත. චීනය හා ශ්‍රී ලංකාව අවංක සහයෝගයකින් බැඳීසිටින, මිත්‍රශීලි උපායමාර්ගික සහයෝගිතා…

හොලිවුඩ් නළු කාල් වෙදර්ස් ජීවිතක්ෂයට

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු විය 1987 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ ද…

ඊයේ මැරුණා කියා අද ජීවත්වන Poonam

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට ඊයේ දිනයේ වාර්තාවූ ඉන්දීය සුරූපී රංගන ශිල්පිනියක් හා මෝස්‌තර නිරූපිකාවක් වන Poonam Pandey තමන් ජීවතුන් අතර සිටින බව ප්‍රකාශ කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. ඇය සඳහන් කරන්නේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ…

අභිරහස් නෞකාවක සුන්බුන් කැනඩාවේ Newfoundland වෙරළට

කැනඩාවේ Newfoundland වෙරළට ගසාගෙන ආ අභිරහස් නෞකාවක සුන්බුන් පිළිබඳව Newfoundland ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Wanda Blackmore නම් කාන්තාව පවසා ඇත්තේ තම පුත්‍රයා වෙරළට ගොස් සිටියදී මීටර් 24ක් දිග ලී නැව දැක ඇති අතර එය 19…