Category Foreign

චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවූ අවස්ථාවේ දී…

නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට

මේ වනවිට පෝලන්තයේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට යාමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා එම වාර්තා වල දැක්වෙන්නේ වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පෝලන්තයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බවයි පෝලන්ත අගනුවර වන වෝර්සෝ හි ඉන්දීය ඩයස්පෝරාව අමතමින්…

ජීවිත මරණ ගෙන එන තවත් උණ රෝගයක ව්‍යාප්තියක්

ආර්මේනියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළමු වරට West Nile නමැති උණ රෝගයක ව්‍යාප්තියක් සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව එම උණ රෝගය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි එරට සෞඛ්‍ය අංශය සඳහන් කර ඇත්තේ. මදුරුවන්ගෙන් බෝවන…

ඔබාමාගෙන් කමලා හැරිස්ට ජයග්‍රාහී ප්‍රකාශයක්

හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා චිකාගෝ හි අද පැවැත්වූ ඩිමොක්‍රටික් ජාතික සමුළුවේදී මෙවර ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් වෙනුවෙන් ප්‍රබල ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට 2008 මැතිවරණයේ සිට භාවිතා කළ ඔහුගේ…

ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා බ්‍රැන්යාස් මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මිය යන විට ඇය 117 හැවිරිදි වියේ පසුවුණා. ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන්ගේ අභාවයෙන් පසු, මාරියා බ්‍රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණා. මේ අනුව ඇයගේ…

සංවේදී වූ බයිඩ්න්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනයේ දී සංවේදී වුණා. චිකාගෝ හිදී ආරම්භ වූ පක්ෂ සම්මේලනය සඳහා බයිඩ්න්ට අමතරව අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එක්ව සිටියා. එහිදී…

මන්කිෆොක්ස් පාලනය කළ හැකියි -ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය නව ආකාරයේ වසංගත ව්‍යාප්තියක් වන නමුත් කොවිඩ්-19 මෙන් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරනු ඇති බවයි එම සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කර ඇත්තේ.…

ලන්ඩනයේ මාළිගයක ගින්නක්

ලන්ඩනයේ සමර්සෙට් හවුස් පැරණි රාජකීය මාළිගයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් 125කට අධික පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 1547 වසරේදී පමණ ඉඳිකරන ලද, තේම්ස් නදියට ඉහළින් පිහිටි අඩවියක පිහිටා ඇති සමර්සෙට් හවුස් පැරණි…

ගුරුවරයාගෙන් කෙලෙසුණු දැරිය දින ගණනාවකට පසු මිය යයි

ඉන්දියාවේ කොල්කටා හි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් රටපුරා වැඩවර්ජන ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකදී උත්තර් ප්‍රදේශයේ සෝන්භද්‍රා හි ගුරුවරයෙකු විසින් දූෂණය කළ බව කියන 14 හැවිරිදි දැරියක් මිය ගොස් තිබෙනවා. 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය දින 20ක්…

වයස්ගතම පැන්ඩා මවක් පළමුවරට නිවුන් පැන්ඩා පැටවුන් බිහි කරයි

චීනයේ හොංකොං හි Ying Ying නම් පැන්ඩා මව ඇගේ 19 වැනි උපන්දිනය සැමරීමට ආසන්නව තිබියදී නිවුන් පැන්ඩා පැටවුන් බිහිකර තිබෙනවා. එය මිනිස් වයසේදී වයස අවුරුදු 57 ට සමාන බව හොංකොං සාගර උද්‍යානයේ ප්‍රකාශකයන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…