Category Foreign

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මෙම භූ කම්පනය ඉන්දුනිසියාවේ සර්මි දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් හටගෙන ඇති බවය. භූකම්පනයෙන්…

ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස්…

ඇෆ්ගන් – පාකිස්තාන් දේශසීමා ගැටලු විසඳගන්න සාකච්ඡාවක්

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර හටගෙන ඇති දේශසීමා ගැටලු විසදාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සඳහා දෙරටේ නියෝජිතයින් කටාර්හි දෝහා අගනුවර වෙත පිටත්ව ගොස් තිබේ. වසර ගණනාවක සිට පවතින දේශ සීමා අර්බුදය මේ වන විට ගැටුම්කාරී වාතාවරණයක් දක්වා වර්ධනය වී ඇති අතර ගත…

‘ෆෙන්ෂෙන්ග්’ නිසා පිලිපීන ජනතාව පීඩාවට

“ෆෙන්ෂෙන්ග්“ කුණාටුවේ බලපෑම හේතුවෙන් පැසිෆික් වෙරළ ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් යුතුව ෆෙන්ෂෙන්ග් කුණාටුව වෙරළබඩ ප්‍රදේශයට බලපෑ හැකි බව එරට කාලගුණ අංශ පෙන්වා…

යුද්ධය නවත්වා සාකච්ඡා ඇරඹීමට ට්‍රම්ප්ට සෙලන්ස්කිගෙන් කැමැත්ත

යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලන්ස්කි, වොෂින්ටන් නුවරදී අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී තිබෙනවා. යුද ආධාර දීම ඇතුළු යුක්රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසන්නේ, යුද්ධය නවත්වා සාධාරණ හා කල්පවතින සාමයක් සඳහා…

පෘතුගාලයේ ‘බුර්කා’ තහනම්

පෘතුගාලයේ පොදු ස්ථානවලදී ස්ත්‍රීන් හෝ පුරුෂයන් ආගමික අරමුණු භාවිතා කරන මුහුණු වැස්ම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබෙනවා. මෙමගින් “ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගමික අභිප්‍රායන්” සඳහා භාවිතා කරන මුහුණු ආවරණ බොහෝමයක් පොදු ස්ථානවල තහනම් කෙරෙනවා. තවද,…

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.…

ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි

ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ. එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට…

අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ. මේ සම්බන්ධව X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවය. මෙම…

අගමැතිනිය – මෝදි අතර හමුවක් අද

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා සිදුකරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරිය ඊයේ දිල්ලි විශ්වවිද්‍යාලයීය හින්දු විද්‍යාලයේ…