Category Foreign

ගාසා තීරය අමෙරිකාවට පවරාගත යුතුයි ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාව අසල්වාසී රටවලට සංක්‍රමණ වීමෙන් පසු එම කලාපය අමෙරිකාව පවරාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරය සංවර්ධනය කර එහි සියලු ලෝකවාසින්ට පදිංචි විය හැකි…

නව බැලැස්ටික් මිසයිලයක් ඉරානය එළි දක්වයි

කිලෝමීටර් 1,700ක් දුර ගමන් කළ හැකි ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් ඉරානය නිපදවා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය. ටෙහෙරාන් නුවර පසුගියදා නව මිසයිල නිරාවරණය කිරීම ජනාධීපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ආරක්ෂක හැකියාවන්…

ලොව බලවත්ම හමුදා දර්ශකයේ පළමු තැන අමෙරිකාවට

මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 145ක් ඇතුළත් එම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවට සහ තුන්වැනි ස්ථානය චීනයට හිමි වී ඇති…

බෙල්ජියමේ නව අගමැති පත්වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස 7කට පසු බෙල්ජියමේ නව අගමැතිවරයා ලෙස 54 හැවිරිදි බර්ට් ඩි වීවර් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ ජූනි මාසයේ එරට පැවැති මැතිවරණයෙන් පසු පත්වූ සන්ධාන රජයේ නායකත්වය දැරූ බර්ට් ඩි වීවර් අගමැති ධුරයට පත්…

අමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක්

පැනමා ඇළේ චීන ව්‍යාපාර කටයුතු වහාම නවත්වන ලෙස අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැනමාවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැනමා ඇළේ සිදු වන චීන ව්‍යාපාර අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් එරට…

කෘත්‍රිම බුද්ධි මෘදුකාංගවලට බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති

කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයෙන් ළමා අපචාර ඇතුළත් ඡායාරූප උත්පාදනය කිරීමට එරෙහිව නව නීතියක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංගවලට එරෙහිව නීති හඳුන්වා දුන් ලොව පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වූ බව ද විදෙස්…

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 10ක් මරුට -වෙඩික්කරුත් මිය යයි

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිර ප්‍රදේශයක පිහිටි සංක්‍රමණික සිසුන් සඳහා වන අධ්‍යාපන මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අධ්‍යාපන මධ්‍යස්ථානය සංක්‍රමණික සිසුන්ට ස්වීඩන භාෂාව සහ වෙනත් විෂයන් උගන්වනු ලබන ස්ථානයක් වන…

එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත ට්‍රම්ප්ගේ ප්‍රකාශය හෙළා දකී

ගාසා තීරයේ අයිතිය අමෙරිකාවට පවරාගත යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අනීතික, පිළිකුල්සහගත සහ මුළුමනින්ම වගකීම් විරහිත ප්‍රකාශයක් බව එක්සත් ජාතීන්ගේ පලස්තීන කලාප නියෝජිත ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව විකාර කතාවක් බවත්,…

වසර 2100දී මුහුදු මට්ටම අඩි 6කින් ඉහ­ළට-සිංග­ප්පූරු විද්‍යා­ඥයෝ අන­තුරු අඟ­වති

ගෝලීය දේශ­ගු­ණික විප­ර්යාස පාල­නය කිරීම අභි­යෝ­ග­ය­කට ලක් කර­මින් කාබන් ඩයො­ක්ස­යිඩ් විමෝ­ච­නය තව­දු­ර­ටත් ඉහළ යන්නේ නම් වසර 2100 වන විට ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි සිංග­ප්පූ­රුවේ නන්යැංග් තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා­ඥ­යන් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය…

කුම්භ­මේලා උත්ස­වයේ තෙර­පී­ම­කින් බැති­ම­තුන් 40ක් මරුට

ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයා­ග්රාජ් නුවර පැවැ­ත්වෙන ලෝක ආග­මික උත්සව අතරින් වැඩිම බැති­ම­තුන් පිරි­සක් සහ­භාගි වන විශා­ල­තම ‘කුම්භ­මේලා‘ උත්ස­වය අත­ර­තුර සිදුවූ තෙර­පී­ම­කින් බැති­ම­තුන් 40 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තෙර­පීම හේතු­වෙන් තුවාල ලැබූ බැති­ම­තුන්ගේ සංඛ්‍යාව ඊයේ පස්ව­රුව…