Category Foreign News

කුම්භමේලා උත්සවයට පාකිස්තානයෙනුත් එයි

ලෝක ආගමික උත්සව අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ලෙස සැලකෙන ඉන්දියාවේ ‘මහකුම්භමේලා‘ උත්සවයට 68 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන ජාතික බැතිමතුන් පිරිසක් ද සහභාගි වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රජයේ සත්කාරකත්වය යටතේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ්…

හමාස් වෙත නෙතන්යාහුගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

“සෙනසුරාදා දහවල්වන විට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු නොදුන්නහොත්” ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබේ. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට…

පැය 24ක් තුළ ලොව පුරා ගුවන් අනතුරු තුනක්-අමෙරිකාවේ සහ පිලිපීනයේ අනතුරුවලින් 14ක් මරුට

බ්‍රසීලයෙත් සැහැල්ලු ගුවන් යානයක් බස් රථයක් මතට කඩා වැටෙයි මේ වසරේදී ලොව ගුවන් අනතුරු ඉහළ ගොස් ඇතැයි ද, පසුගිය බ්‍රහස්පතින්දා සිට සිකුරාදා දක්වා ගත වූ පැය 24 ඇතුළත පමණක් ලොව පුරා ගුවන් අනතුරු 3ක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා…

ගාසා සටන් විරාමයෙන් තවත් ප්‍රාණඇපකරුවෝ 3කට නිදහස-ඊශ්‍රායලයෙන් පලස්තීනුවෝ 183ක් මුදා හරියි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව පෙරේදා තවත් ප්‍රාණඇපකරුවන් තිදෙනකු නිදහස ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය එරට සිරගත කර සිටි පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය…

මෙක්සිකෝවේ බස් රථ අනතුරක් – 41ක් මරුට

දකුණු මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබේ. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙනසුරාදා අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින්…

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබේ. එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය සදහන් කර ඇතැයි…

ට්‍රම්ප් පරිපාලනය ජෛව වෛද්‍ය පර්යේෂණ වියදම් කපා හරියි

ජෛව වෛද්‍ය පර්යේෂණ සඳහා වන ප්‍රදාන වලින් ඩොලර් බිලියන ගණනකට වැඩි ප්‍රමාණයක් වියදම් කපා හරින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය නිවේදනය කර ඇත. පුළුල් පිරිවැය ඉතිරි කිරීමේ පියවරවල කොටසක් ලෙස මෙම වියදම් කපා හැරීම සිදු කෙරෙන බව සදහන් ය.…

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය වසර 27කට පසුව ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ‍මෙවර හැකියාව ලැබී ඇත. භාරතීය ජනතා පක්ෂයට සමස්ත ආසන 70න් ආසන 47ක් හිමිව ඇති අතර, වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ…

DeepSeek AI යෙදුම භාවිතය තහනම් කිරීමේ අවදානම පිළිබඳ චීනයේ ප්‍රතිචාරය

චීනයේ DeepSeek AI යෙදුම භාවිතය ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල තහනම් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකමින් නීතියට අනුකූලව සහතික…

රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

රික්ටර් මාපාංක ඒකක 7.6ක භූකම්පනයක් කැරිබියන් දූපත් ප‍්‍රදේශයේ ඇතිව තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එහි කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 පමණ දුරින් පිහිටි බවයි. මේ හේතුවෙන් නිසා රටවල්…