Category Foreign News

පොදු සමෘද්ධිය කරා යන මාවතක් වෙනුවෙන් පේරු රාජ්‍යය සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍ය ජනාධිපතිනි Dina Boluarte මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, පේරු ‍වේලාවෙන් 14වැනිදා පස්වරුවේ ලීමා හි පිහිටි ජනපති මන්දිරයේදීය. චීන පේරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ඇති වසර 53ක කාලය තුළ දෙරට අතර සම්බන්ධතාවය මනා වර්ධන තත්ත්වයක…

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල බෝම්බ ප්‍රහාර දෙකක්-මරාගෙන මැරෙන බෝම්බකරු මරුට

බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉලක්ක කරමින් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් එක් පිපිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දොරටුව අසලත්, තවත් පිපිරීමක් ඉන් පිටතදීත් සිදුවී ඇතැයි වාර්තාවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පළමු…

‘මැදපෙරදිගට සාමය උදා කිරීමට සහාය වන්න’-ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති ඉල්ලයි

ඊශ්‍රායලය, ලෙබනනය ඇතුළු බටහිර ආසියානු කලාපයේ යුද අර්බුදය විසඳා ගැනීමේදී ඉන්දියාවට සැලකිය යුතු භූමිකාවක් ඉටු කිරීමට හැකියාව ඇතැයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රෝවන් අසාර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාව මේ වනවිට සවුදි අරාබිය, එමිරේට්ස්, ඉරානය, කුවේට් හා කටාර්…

චාල්ස් රජු 76 වැනි උපන් දිනය සමරයි

ආහාර දරිද්‍රතාව සහ ආහාර නාස්තිය අතර පරතරය අවම කිරීමේ අරමුණ ඇතිව පසුගිය වසරේදී ආරම්භ කරනු ලැබූ රාජාභිෂේක ආහාර ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් විවෘත කරමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය ඊයේ සැමරූ බව විදෙස්…

ලොව විශාලතම කොරල් පරය පැසිෆික් සාගරයේ

ලොව එතෙක් මෙතෙක් විශාලතම කොරල් පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැසිෆික් සාගරයේ දුෂ්කර ස්ථානවල ගවේෂණ සිදු කරන සාගර විද්‍යාඥයන් පිරිසක් විසින් මේ සොයා ගැනීම කර ඇත්තේ නෞකාවක සේවය කරන වීඩියෝ කැමරා ශිල්පියකු ගත් වීඩියෝ පටයක්…

අමෙරිකාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ධුරයට හින්දු ආගමික කාන්තාවක්

අමෙරිකාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ප්‍රධානතම තනතුරක් වන එරට බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ධුරයට 43 හැවිරිදි කාන්තාවක් පත් කිරීමට අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලක් අමෙරිකාවේ අතිරේක හමුදා අංශයේ ලුතිනන් කර්නල්වරියක ලෙස කටයුතු කර ඇති…

දලයිලාමාගේ ටිබෙට් නායකත්වය පිළිගැනීමට ජර්මානු පාර්ලිමේන්තුවට යෝජනාවක්

ටිබෙට් දේශයේ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව ජර්මානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ද, පසුගියදා එරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහ ටිබෙට් නියෝජිත පිරිසක් අතර ජර්මානු පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවැති හමුවකදී ටිබෙට් දේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ ගැඹුරින්…

ට්‍රම්ප්ගෙන් එලොන් මස්ක්ට ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක්

අමෙරිකාවේ නව ජනපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා අධිපති එලොන් මස්ක්ට (Elon Musk) ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක් ලබා දී ඇත. ඒ නව දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙමිනි. එය නම් කර ඇත්තේ “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” ලෙසයි. නව “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” මෙහෙයවීමේ වගකීම එලොන්…

ලාහෝර් නුවර වායු දූෂණය ඉහළට

පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි ද, එම තත්ත්වය නුවරවාසීන්ට අනතුරදායක පසුබිමක් නිර්මාණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…

‘එ.ජා. සංවිධානයෙන් ඊශ්‍රායලය නෙරපා දමන්න’-සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු ඉරානයෙන් ඉල්ලීමක්

ඊශ්‍රායලය නෙරපා හරින ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විදේශ අමාත්‍යාංශය මේ ඉල්ලීම කර ඇත්තේ පසුගියදා සිරියාවේ දමස්කස් නුවර ආසන්නයේ පිහිටි සයිදා සෙයිනාබ් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 7 දෙනකු…