Category Foreign News

හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ඉස්මයිල් හනියේ ටෙහෙරානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් ඔහුගේ…

කියුබාව “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් තිදෙනෙක් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. අමෙරිකාව 2021 වසරේ…

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටී 5 දෙනෙකු මරුට

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවතුණ අධික වර්ෂාපතනයත් සමග එම පතල කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය…

අධික තරබාරුවෙන් මිය ගිය බලු සුරතලාගේ ස්වාමි දුවට මාස දෙකක සිරදඬුවම්

අධික ලෙස තරබාරු වීම හේතුවෙන් සුනඛයකු රෝගීව මිය යෑම සම්බන්ධව චෝදනා එල්ල වූ එම බලු සුරතලා හදා වඩා ගත් කාන්තාවට මාස දෙකක සිරදඬුවම් නියම වීමේ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ. ‘නගී‘ නමැති මේ බලු සුරතලා මිය යන විට උගේ බර කිලෝ…

එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි සඳහන් වෙන්නේ. ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති…

ලොව පුරා මිලියන 733ක් කුසගින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය අනාවරණය වී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය පෝෂණය පිළිබඳ එම සංවිධානය ඇතුළු සංවිධාන 5ක්…

නීතියේ ස්වාධීනත්වයට බලපෑම් නිසා හොංකොං අභියාචනාධිකරණ විනිසුරු ඉල්ලා අස්වෙයි.

නීතියේ ආධිපත්‍යයට හොංකොං පරිපාලනයෙන් බලපෑම් එල්ල වන බව සඳහන් කරමින් එරට අභියාචනාධිකරණයේ විනිසුරු බ්‍රිතාන්‍ය ජාතික සම්ෂන් සාමිවරයා ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සම්ෂන් සාමිවරයා සිය නිල ඉල්ලා අස්වීමේ ලිපිය එරට පරිපාලනයට භාර දී ඇතැයි ද, නීතියේ…

ඉරාන ජනාධිපතිවරණ සටන ඇරඹේ !

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරකින් හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කැඳවනු ලැබූ හදිසි ජනාධිපතිවරණය ඊයේ ඉරානයේදි ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවත් දේශීය හා විදේශීය වශයෙන් වෙනස්කම් රැසක් සිදු කිරිමට පොරොන්දු වන අපේක්ෂකයකු ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස…

ටෝකියෝ මුහුදු සීමා­වෙන් දුර්ලභ ලෝහ ටොන් මිලි­යන 234ක් හමුවෙයි

ජපා­නයේ  ටෝකියෝ නුවර මින­මි­ටෝ­රි­ෂිමා දූපත ආස­න්නයේ මුහුදු තීර­යෙන් දුර්ලභ ලෝහ  මෙට්‍රික් ටොන් මිලි­යන 234ක් හමු වී ඇතැයි ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලය සහ නිපොන්  පද­නම නිවේ­ද­නය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  රාජ්‍ය නොවන සංවි­ධා­න­යක්  වන නිපොන් පද­නම සහ ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලය ඒකා­බ­ද්ධව සිදු…

කෙන්යාවේ පාර්ලි­මේ­න්තුව යුද පිටි­යක් වෙයි

පොලිස් ප්‍රහා­ර­යෙන් විරෝ­ධ­තා­ක­රුවෝ 7ක් මරුට දැඩි ජනතා විරෝ­ධය මැද ආන්දෝ­ල­න­යට තුඩු දුන් මුදල් පනත කෙන්යාවේ පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගි­යදා සම්මත කර ගැනීම හේතු­වෙන් කෝප­යට පත් ජන­තාව නයි­රෝබි අග­නු­වර පිහිටි පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ල වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එරට පාර්ලි­මේන්තු භූමි­යට කඩා…