Category Foreign News

ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්-අග­මැති මෝදි G20 සමු­ළු­වේදී කියයි

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව නිර­තු­රු­වම සෙසු රට­වල් සමඟ අත්වැල් බැඳ­ගන්නා බවත් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි G20 ජාත්‍ය­න්තර සමු­ළු­වේදී ප්‍රකාශ…

ඉම්රාන්ට නිදහස ඉල්ලා ආධාරකරුවෝ දසදෙසින් ඉස්ලාමාබාද් නුවරට-අගනුවර වසා දැමීමට – අන්තර්ජාලය අත්හිටුවීමට පියවර

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු විපක්ෂයේ දහස් සංඛ්‍යාත ජනතාව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දක්වා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් අගනුවර වසා දැමීමටත්, අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය පියවර…

‘මිස්ටර් වර්ල්ඩ්’ කිරුළ පුවර්ටෝ රිකෝ රාජ්‍යයට සම්මාන ද්විත්වයක් දිනූ මේඝ සූරියආරච්චි-අවසන් 10 දෙනා අතරට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

ලෝක රූ රැජන තරගයට සමගාමීව එම සංවිධානය විසින් පවත්වනු ලබන ‘මිස්ටර් වර්ල්ඩ්’ කඩවසම් තරුණයා තරගයේ කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ ඩැනියෙල් මෙජියා සමත් වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගයට ඉදිරිපත් වූ මේඝ සූරියආරච්චි ජනතාවගේ තේරීම සම්මානය අත්කර ගැනීමට සමත් වූ බව…

නෙතන්යාහුගේ ජාත්‍යන්තර වරෙන්තුව බ්‍රිතාන්‍යයේදීත් වලංගුයි

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඔහුට බ්‍රිතාන්‍ය භූමියට ඇතුළුවිය නොහැකි බවත්, එසේ වුවහොත් ඔහු අත්අඩංගුවට පත්වනු ඇති බවත් බ්‍රිතාන්‍යය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ස්වාභාවික කෙසෙල් ගෙඩියේ කලා නිර්මාණය නිව්යෝර්ක් නුවරදී ඩොලර් මිලියන 6.2කට අලෙවි වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගියදා පැවති කලා නිර්මාණ වෙන්දේසියකදී බිත්තියකට අලවා තිබූ කෙසෙල් කලා කෘතියක් අමෙරිකානු ඩොලර් මිලියන 6.24ක විශාල මුදලකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙන්දේසි භූමියේ බිත්තියක ටේප් පටියක ආධාරයෙන් අලවා තිබූ එම ස්වාභාවික කෙසෙල් ගෙඩිය ලෝක…

අමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි ‘හැක්’ කිරීම පිළිබඳ සෙනෙට් අධිකරණ අනුකමිටුවෙන් පරීක්ෂණ

අමෙරිකාවේ ටෙලිකොම් සමාගම් ඇතුළු එරට රාජ්‍ය ආයතන රැසකට වෙබ් අඩවිවලට චීන ඔත්තු නිලධාරීන් අනවසරයෙන් ඇතුළු වූ බවට සැක කෙරෙන සිදුවීමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට අමෙරිකාවේ සෙනෙට් අධිකරණ අනුකමිටුව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ තාක්ෂණ ගැටලු අධීක්ෂණය කරන එම…

සුන්නි – ෂියා බැතිමත්හු පාකිස්තානයේදී ගැටෙති-82ක් මරුට – තවත් 156කට තුවාල

වයඹදිග පාකිස්තානයේ සුන්නි හා ෂියා ආගමික නිකායන්ට අයත් බැතිමතුන් අතර පැතිරී යමින් පවතින නව ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 82 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ගැටුම්වලින් තවත් පුද්ගලයන් 156 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…

වඳුරු උණ ආසාදිතයින් ඉහළට – WHO විසින් අනතුරු ඇඟවීම්

වඳුරු උණ (mpox) වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව බව සඳහන්වේ. පවතින තත්ත්වය හමුවේ, mpox සඳහා ඉහළ මට්ටමින් අවදියෙන්…

මෙත­නෝල් සහිත ව්‍යාජ මත්පැන් බී ලාඕ­ස­යේදී සංචා­ර­කයෝ 6ක් මරු දකිති

මාරා­න්තික මෙත­නෝල් රසා­ය­නික ද්‍රවණය සහිත ව්‍යාජ මත්පැන් පානය කිරීම හේතු­වෙන් ලාඕ­සයේ වැං වීන්ග් නුවර සංචා­රක පුර­ව­රයේ සිටි විදේ­ශික සංචා­ර­ක­යන් 6 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා එම සංචා­රක පුර­ව­රයේ නවා­තැන් ගෙන සිටි යොවුන් වියේ පසුවූ අමෙ­රි­කානු ජාතික…

චීන ඔත්තු සේවා­ව­කින් රජ­යට අන­තුරු ඇඟ­වී­මක්

රාජ්‍ය රහස් සොර­කම් කිරීම සඳහා විදේ­ශීය නියෝ­ජි­ත­යන්ට රටේ දැවැන්ත කැමරා නිරී­ක්ෂණ ජාලයේ දෝෂ භාවිත කළ හැකි බවට චීනයේ ඉහ­ළම ඔත්තු සේවා ඒජ­න්සිය රජ­යට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වී චැට් ගිණු­මෙහි පළ කරනු ලැබූ එම…