Category Foreign News

අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි. මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ…

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සිද්ධියට…

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා මිය ගොස් ඇති අතරමිය යන විට 103වන වියේ පසුවිය. 1952 වසරේදී පළමු ඔලිම්පික් රන්…

පාකිස්තානය නව වසරේදී ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්තාන රජය ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් සහ එරට ඛනිජ තෙල් අමාත්‍ය මොහොමඩ් අවුරන්ග්සාබ් අතර පැවැති සාකච්ඡාවකින් පසු එම පියවර ගත් බව පාකිස්තාන ඛනිජ…

අමෙරිකාවේ නව වසරේ සැමරුම් මැද ප්‍රහාර දෙකකින් 15ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සහ ලුසියානා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 45 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලන්ස් නුවර වීදියක නව වසර සමරමින් සිටි ජනතාව අතරට…

යානා දෙකක් එකිනෙක ගැටීම අවසන් මොහොතේ වැළකෙයි

ගුවන් යානා දෙකක් ධාවන පථයේදී එකිනෙක ගැටීමේ දරුණු අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලන මැදිරිය සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ කී ලයිම්…

අමෙරිකාවේ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපොළකින් හමුවෙයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගොවිපොළකින් පුපුරන ද්‍රව්‍ය කට්ටල 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එෆ්බීඅයි සංවිධානය විසින් එතෙක් මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාකිස්තානයේ සමාජ මාධ්‍යජාලයට බාධා

ත්‍රස්තවාදයට රුකුල් දෙන බවටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් සඳහන් කරමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ගිණුම් රැසක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කරන ඩිජිටල් නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම…

චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේ අක්‍රමිකතා විමර්ශනයට

ලොව පුරා වැඩි අවධානයක් යොමුවූ චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේදී ෂැංහායි සහ කුන්මිංග් අතර අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ චීන දුම්රිය සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දීර්ඝ කාලයක් පුරා චීනයේ අති නවීන…

යුක්රේනය ඔස්සේ යුරෝපයට රුසියානු ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි වෙයි-යළි අලුත් නොකරන බව යුක්රේන ජනපති කියයි

යුරෝපා රටවලට ගෑස් සැපයුම් නළ මාර්ගය සඳහා සිය භූමිය භාවිත කිරීමට යුක්රේනය විසින් රුසියාව සමඟ ඇතිකරගත් දිගුකාලීන ගිවිසුම අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනය සමඟ වසර 1991 දී ඇතිකරගත් ගිවිසුම පසුගිය 25 වැනිදා අවසන් වූ බව යුරෝපයට ගෑස්…