Category Foreign News

කෙන්යාවේ නව කැබිනට්ටුව දිවුරුම් දෙයි -විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමත් සමඟ කෙන්යාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටිමින් විරෝධතාවයේ නිරතවූවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. නයිරෝබි අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන අතර නගරයේ ව්‍යාපාරික ස්ථාන ද වසා දමා ඇති…

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් -පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා. ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. චීන කොමියුනිස්ට් පක්ෂයේ…

වැඩ භාරගන්න ඩකා ආ මුහම්මද් යුනුස්

බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්, එරට ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා. 84 හැවිරිදි වියේ පසුවන ඔහු පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රට තුළ සිදු කළ යුතුව පවතින කළ යුතු කාර්යයන් රැසක්…

ප්‍රබල භූ කම්පන දෙකකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ රිච්ටර් මාපකයේ 6.9ක සහ 7.1ක ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා ඒ හේතුවෙන්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්

බංග්ලාදේශයේ ඉන්දියානු වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ බංග්ලාදේශයේ උද්ගතව ඇති නොසන්සුන්තා හේතුවෙන් අදාළ පියවර ගෙන ඇති බවයි එමෙන්ම, බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය…

සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් සුරැකීමට චීන ජනපතිගෙන් උපදෙස්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංස්කෘතික හා ස්වාභාවික උරුමයන්හි ආරක්ෂාව, පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙයි. හෙතෙම අදාළ ආයතනවලට පසුගිය දා එම මාර්ගෝපදේශ ලබා දී තිබේ. ‘චීනයේ පරමාදර්ශී නාගරික සැලසුම් පිළිබඳ විශිෂ්ට සංකේතයක් වන බෙයිජිං මධ්‍ය…

අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලයි

බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ. එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි. ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර…

හමාස් නායකත්වයට ආ යහියා

හිස්වූ හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කර තිබෙනවා. 2017 වසරේ සිට ගාසා තීරයේ හමාස් නායකයාව සිටි සින්වාර් මේ අනුව සංවිධානයේ සියලු දේශපාලන කටයුතුවල ප්‍රධානීත්වය දැරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දින දෙකක් පුරා දෝහා හි පැවති සාකච්ඡාවලින් අනතුරුව එම තනතුර…

දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

දකුණු කොරියාවේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. එහිදී නියමුවෙකු සුළු තුවාල ලබා ඇති අතර හෙලිකොප්ටරය විදුලි රැහැනට හසුවීමෙන් පසු කඩා වැටීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් අනතුරට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඉතියෝපියාවේ තවත් නාය යෑමක්

ඉතියෝපියාවේ වොලයිටා ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවති අධික වර්ශාපතනයත් සමග මෙම නාය යාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් පිරිසක් මෙම සිදුවීමෙන් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව…