News Editor

News Editor

පාකිස්තානයේ පෝලියෝ හිස ඔසවයි

මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිලිදියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟ…

බලහත්කාර කම්කරු සේවය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනයට යුරෝපයෙන් නීති

බලහත්කාර කම්කරු සේවය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයනය තහනම් කරමින් යුරෝපා කවුන්සිලය ඓතිහාසික තීන්දුවක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තීරණාත්මක පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් අතර මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ වෙළෙඳ ආචාර ධර්ම හුරුකරවීමට…

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි එංගලන්තයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112කුත්, දින 91ක් වූ අතර, ලොව වයස්ගතම මිනිසාගේ…

රතු මුහුදේ අනතුරට ලක් වූ සංචාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ පුද්ගලයෝ 16ක් සොයා මෙහෙයුම්

රතු මුහුදේදී අනතුරට පත්වූ සංචාරක යාත්‍රාවකින් අතුරුදන්වූ බව කියන පුද්ගලයන් 16 දෙනකු සොයා දෙවැනි දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංචාරකයන් 44 දෙනකු රැගත් එම සංචාරක යාත්‍රාව පෙරේදා අනතුරට ලක්වූ රතු මුහුදේ ගිලී ගිය බවත්, ඊජිප්තු බලධාරීන්…

ඉම්රාන්ට නිදහස ඉල්ලා ඉස්ලාමාබාද් පැමිණි විරෝධතාකරුවන් පොලීසිය අතර ගැටුමෙන් 6ක් මරුට- අගනුවර ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් එරට දසදෙසින් පැමිණි ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගොස් ඇත්තේ පැරාමිලිටරි…

දහතුනේ සූර්යවංශී කෝටි 4ක් වටී

අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් කෝටි 1.1කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4ක්) රාජස්ථාන් රෝයල්ස් පිල මිලට ගත්තේය. ලක්ෂ 30ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.4ක) මුදලකට අයිපීඑල් වෙන්දේසියේදී මූලික ලංසුවකට යටත් කොට සිටි…

දසුන්ගේ පන්දු 3කට ලකුණු 30ක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පන්දු 3කදී ප්‍රතිවාදීන්ට ලකුණු 30ක් ලබාදීම මතභේදයට ලක්වෙයි. අබුඩාබි ටී10 තරගාවලියේ දිල්ලි බුල්ස් සහ බෙංගාල ටයිගර්ස් අතර පෙරේදා පැවති තරගයේදී මේ සිදුවීම වාර්තා විය. දිල්ලි බුල්ස් පිලට එරෙහි ඉනිමේ නවවැනි ඕවරයේදී ශානක පන්දු…

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ගැටුම අද පස්වරු 1ට ඇරඹේ

ටෙස්ට් කඩුලු 100ක් ඉක්මනින් වාර්තා කිරීමට ප්‍රභාත් ජයසූරිය තව කඩුලු 3ක් පසුපසින් සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1ට ඩර්බන්හිදී ආරම්භ වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම්…

කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (27) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය. නුවරඑලිය සහ ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත්  අධික…

මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ…