News Editor

News Editor

අදත් තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ජනතාව විරෝධතා රැලි අරඹයි

ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.…

බංග්ලාදේශයේ හින්දු බැතිමතුන් ආරක්ෂා කරන්නැයි එරට හින්දු ප්‍රජාව අමෙරිකානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ සුළුතර හින්දු ජාතිකයන් ආරක්ෂා කරන ලෙස අමෙරිකාවේ හින්දු බැතිමතුන් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනා ධුරය හැර යෑමෙන් පසු එරට හින්දු ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස උත්සන්න වී ඇති බවත්,…

බංග්ලාදේශයේ හින්දු ජාතිකයෝ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වීදි බසිති

බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශෙයික් හසීනා අගමැතිධුරයෙන් ඉවත්වීම දක්වා දිග්ගැස්සී ගිය විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බංග්ලාදේශයේ හින්දු…

කුණු කන්දක් නාය යෑමෙන් උගන්ඩාවේ 21ක් මරුට

උගන්ඩාවේ කම්පාලා අගනුවරට යාබදව පිහිටි විශාල කුණු කන්දක් නායයෑමෙන් පුද්ගලයන් 21 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුණු කන්ද නාය යෑමකට ලක්වී ඇත්තේ මේ දිනවල උගන්ඩාවට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බව එරට රජය ප්‍රකාශ කර ඇතැයි…

ඔලිම්පික් ගිය වෛද්‍ය හිමාන්

ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා එක් විය. මෙවර ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එකම වෛද්‍යවරයා හිමාන් ද…

කාසියේ වාසිය අයර්ලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරගය ඩබ්ලින් හිදී පැවැත්වෙනවා.

හදිසියේ රැස්වූ ජගත් ආරක්ෂක මණ්ඩලය

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වී තිබෙනවා. ඒ, පලස්තීන ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් ගාසා හි පිහිටි සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් අනතුරුවයි. ගාසා තීරයේ යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරුව ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වෙන 24 වන විශේෂ…

ජනපතිවරණයට ඇප තැන්පත් කළ ගණන 36 දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ පිරිස 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා…

රනිල්ගේ සහයට ආ රාජිත

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා විසින් දැනුම්දී…