News Editor

News Editor

රටේ සමස්ත කර්මාන්ත ජාතික සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනවා-කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති

මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැඟුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව ආණ්ඩුව කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේ පැවසුවේ පසුගියදා (28)…

රාජිතට-රූමිට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමකින් තොරව චුදිතයෝ නිදොස්

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව…

යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් සටන අද ඇරඹේ-ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව සාජා පිටියට

අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි. කණ්ඩායම් 8ක් මූලික වටයේදී කාණ්ඩ දෙකකින් තරග වදින මේ තරගාවලියේදී…

උසස් පෙළ සංශෝධිත කාලසටහනේ පිටපත් විභාග අපේක්‍ෂකයින්ට

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල…

බදුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති ධූරය ඇමති සමන්තට

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා 2024.11.18 දින සිට බල පැවැත්වෙන පරිදි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා…

විශේෂ කාර්යාලයකට පාර්ලිමේන්තුවෙන් අයදුම්පත් කැඳවයි

2016 අංක 14 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති…

ඇමති විජිත සාක්ෂි දෙන්න මහාධිකරණයට යයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙයි. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට…

කොළඹට පැය 18 ක් වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මේ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.…

IDCPC උප ඇමැතිනිය සහ දූත පිරිස විපක්ෂ නායක හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමැති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන රජයේ දූත පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (26) විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය. චීන දූත පිරිස නියෝජනය කරමින් චීන…

තාවකාලික වාහන අංක තහඩු දෙසැ. 15න් පසු තහනම්

තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගවල රථ වාහන ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු තහනම් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 2024 දෙසැම්බර් මස 15 වැනි දිනෙන් පසු තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව…