News Editor

News Editor

ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් මෙරට බිහි කිරීම ජපානයේ ඇගයුමට

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පළ කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපති…

සුජීවා සේනානායක ලක්සලේ සභාපති ධුරයට

ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබේ. නව සභාපතිනිය පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය. කර්මාන්ත හා…

ආරක්ෂක ලේකම් යාපනයට යයි

යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන්…

ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගත යුතුයි-ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි

මේ වන විට ලෝක ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගෙන තිබෙන චීනය, ලෝකය පුරා රටවල් රැසක ප්‍රධාන ආර්ථික, හවුල්කරුවකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. තානාපතිවරයා මේ බව පැවසුවේ Consolidate and Strengthen the Global Suth and…

ජල ගැලීම්වලින් විපතට පත් වූවන් බලන්න මැති-ඇමැතිවරු උතුරු-නැඟෙනහිරට යති

පවතින වැසි තත්ත්වය සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු පිරිසක් උතුරු හා නැඟෙනහිර පළාත්වල නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. මේ වනවිට රටපුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින…

එජාපය සහ සජබ එකතු වෙනවාට අකමැති පිරිස් දෙපැත්තේම ඉන්නවා-මල්වතු නාහිමියෝ කියති

එජාප හා සමගි ජන බලවේගය එකතු වෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඊයේ (29) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ…

වැස්ස නිසා හිඟවූ එළවළු…

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් පවසයි. එළවළු වගාවන් ජලයෙන් යටවීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිවීම හමුවේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙළෙඳපොළේ නොමැතිවීමෙන් ඇතැම් එළවළු වර්ග කිහිපයක…

අනතුරකට පෙර A – 9 මාර්ගයේ මාර අතු ඉවත් කර දෙන්න

පවත්නා වැසි තත්ත්වය හමුවේ මහනුවර – යාපනය A – 9 මාර්ගයේ මාතලේ සිට දඹුල්ල දක්වා කොටසේ වසර ගණනාවක් පැරණි මාරගස්වල දිරා ගිය අතු කඩා වැටෙමින් පවතින හෙයින් ඒවා ඉවත් කර දෙන මෙන් මඟී ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති. වසර දෙසීයක් පමණ…

කුඹුරු වැඩට ගොස් ගංවතුරට කොටු වූ 3ක් බෝට්ටුවෙන් ගොඩට

වැලිකන්ද වඩුමුණ ප්‍රදේශයේ වෙල්යායක කුඹුරු වැඩට ගොස් ගංවතුරට කොටුවී සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයන් තිදෙනකු ඊයේ උදේ 9.00ට පමණ වැලිකන්ද පොලිසියේ නිලධාරින් හා ආපදා සහන නිලධාරින් බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිමට ගෙනවිත් තිබේ. වාලච්චේන ප්‍රදේශයේ සිට වැලිකන්ද, වඩුමුනේ කුඹුරු වැඩට පැමිණි…

වාන් දමන වෑමැඩිල්ල ජලාශයේ තරුණයෝ මාළු බාති

මෑත භාගයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනලද මාතලේ දිස්ත්‍රික්කයේ පළමු ජලාශය වන වෑමැඩිල්ල ජලාශය මේ දිනවල ඇදහැලෙන මහවැසිවලින් පසුව උතුරායාමට පටන්ගෙන ඇත. මෙම තත්ත්වය නිසා මෙම ජලාශය පහළින් ඉදිකර ඇති නිවාසයන්ට මහත් අවදානමකට මුහුණපෑමට සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. කෙසේවෙතත් මෙසේ…