News Editor

News Editor

තණමල්විල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නියාමන කටයුතු සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අදාළ දැරිය ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය…

රිෂාඩ්ගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

අයර්ලන්ත කාන්තා පිල පළමුවරට ශ්‍රී ලංකාව පරදවයි

ගේබි ලුවිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිගේ අර්ධ ශතක අපතේ යවමින් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ. ඩබ්ලින්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 7කින් ජය…

තායිලන්ත අගමැති ධුරයෙන් නෙරපයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin එරට අධිකරණය විසින් ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. “නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කිරීම සහ “ආචාර ධර්ම පිළිබඳ නීති” උල්ලංඝනය කර ඇති බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ. වසරකට අඩු කාලයක් බලයේ සිටි…

ජනපතිට සහය දෙන්න තවත් අය එයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා තීරණය කර තිබෙනවා. මීට අමතරව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක්ද ජනාධිපතිවරයා…

පුද්ගල ආදායම් බද්දට ජනපතිගෙන් සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මහා…

බෙන් ස්ටොක්ස් හට ශ්‍රී ලංකාවට එරෙහි තරගය අහිමි වෙයි

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් හට එළඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්. බෙන් ස්ටොක්ස් වෙනුවට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලි පෝප් හට හිමිව තිබෙනවා.…

අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්

අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන මෙම…

ජපාන අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් ඉවත්වී තිබේ. ටෝකියෝ හිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පාලක පක්ෂයේ මීළඟ නායකත්ව ඡන්දයට තමන් ඉදිරිපත් නොවන බවය. ඉන් අනතුරුව ජපාන ව්‍යවස්ථාවට අනුව එරටට…

වී අලෙවි මණ්ඩලය මුදල් අමාත්‍යංශයට ගනියි ද?

මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තම විෂයපථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක…