News Editor

News Editor

කුමාරි මුණසිංහගේ සහය සජිත්ට -සංවිධායක ධුරයකුත් හිමිවෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මියගේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබෙනවා. ඇය අද (18) විපක්ෂ නායකවරයා හමුවී ඔහුට සහය පළ කිරීම සඳහා එක්වන බව ප්‍රකාශ කර ඇති බව…

සිංගප්පූරුව සහ කොළඹ අතර ගමන් යළි ඇරඹු ගුවන් සමාගම

මාස ගණනාවක සිට නවත්වා තිබූ සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන බව Jetstar Asia ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව දින 5ක් සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක වන බවටයි එම ගුවන් සමාගම…

ලබන වසරේ රාජ්‍ය සේවකයින්ට රු. 25,000ක දීමනාවක්

ලබන වසරේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී අද (17) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ ආරම්භක…

අනුර කුමාර දිසානායක කාදිනල් හිමිපාණන් හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී තිබෙනවා. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික ආගමික නායකයන් සමග සාකච්ඡා කළ…

සජිත් ප්‍රේමදාසගේ දෙවන රැලිය බණ්ඩාරගමදී පැවැත්වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ දෙවන ජන රැලිය අද (17) කළුතර බණ්ඩාරගම දී පවත්වා තිබෙනවා. මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ. රැලියේ ඡායාරූප…

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය සඳහා උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා ගන්න අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (GIT) විභාගය – 2023,2024 (2024) උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා ඒ අනුව එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ යුතුයි ඊට අදාළ නිවේදනය පහතින්

දිලිත් ජයවීරගේ මංගල රැලිය අද යාපනයේදී

සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ​ඒ අනුව යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේදී අද සවස 2.30ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාසගේ මංගල රැලිය කුරුණෑගලදී පැවැත්වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැළිය ඊයේ (16) සවස කුරුණෑගල දී පවත්වා තිබෙනවා. එම රැලිය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා…

කුකුළේ ගඟ වාන් දමයි

කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි. එමෙන්ම වාරි මාර්ග ඉංජිනේරු ජී.…

අනුර කුමාර දිසානායකගේ මංගල මහ රැලිය අද දකුණු පළාතේදී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතයි.