News Editor

News Editor

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලෙවි අංශයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමෙයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින “ඵලදා වර්ධන හා අලෙවි අංශය” වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද  අමරවීර විසින් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මෙම අංශය මගින් කිසිදු ඵලදා වර්ධන කටයුත්තක් සිදු නොවන බවත්, එයින් වැඩිපුරම…

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක්

මෙරට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක් පත් කිරීමට කටයුතු කළ බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසනවා. එම එක් එක් අනු කමිටුවක් මගින්…

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් වෙනුවට මිෂෙල් ඔබාමා ඉදිරිපත් කිරීමට වැඩි කැමැත්තක්

ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති Joe Biden වෙනුවට, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන Michelle Obama ප්‍රමුඛ තේරීම බවට මත විමසුමකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මත විමසුමේදී ඡන්දය දුන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්…

බලශක්ති සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සාකච්ඡාවක්

බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පවත්වා තිබෙනවා. කොරියානු ජනරජය පාවෙන සූර්ය පැනල සහ න්‍යෂ්ටික බලාගාරවලින් විශාල බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර කොරියානු ජනරජයේ සහ එහි…

දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය…

ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා රජයේ අවධාන​ය

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විශේෂ අර​මුදලක් පිහිටුවීමට ජනාධිපති…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 හා ඔක්තෝබර් 18 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යවස්ථාපිත කාර්යයක් බැවින් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මුදල් සංසරණය හා සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන පසුබිමක් තුළ මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය…

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති…

සරසවි අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වනවා. වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන බවයි වාර්තා වෙන්නේ.