News Editor

News Editor

මියන්මාරයේදී ත්‍රස්තයින්ට කොටුවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගනී

මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

හංවැල්ලේ වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ සහෝදරයා මරුට

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි…

ලෝක ස්ථුලතා දිනය අදයි

ලෝක ස්ථුලතා දිනය අද (04) දිනට යෙදී තිබෙනවා. තරබාරුබව විශාල ප්‍රශ්නයක් ලෙ​ස මතුවෙමින් පවතින බවත්, මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණය ද වැඩිවී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අදහස් පළ කළේ. ලෝක ජනගහනයෙන් බිලියන…

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද අමාත්‍ය මණ්ඩලය හමුවට

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා. මහ බැංකු සේවකයින් විසින් පසුගියදා වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල විවේචන එල්ල වී තිබුණා. පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහ බැංකු නිලධාරීන්…

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා

පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. තවත් නීති 62 ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට. රට දියුණු කිරීමට නම් ලෝකය පිළිගන්නා නීති අවශ්‍යයි. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් සහ පොදු ණය කළමනාකරණ පනතක්. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද…

බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය. මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව,…

ආනන්ද – නාලන්දා 94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද (03) පස්වරුවේ එක් විය. දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග…

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්. අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්. විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ…

පාපැදි සවාරියේ පළමු අදියරේ ජය ගුවන් හමුදාවේ නදීෂට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව 25 වැනි වරට සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ කරමින් ඊයේ කොළඹ සිට මහනුවර ගන්නොරුව දක්වා පැවති පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ නදීෂ ඒෂාන් සමත් විය. කිලෝමීටර් 104ක දුරකින් පැවති…

ඔස්ට්‍රේලියාවේ ලයන් මුරලිගේ වාර්තාවක් සම කරයි

ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නන් වූ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සතුව තිබූ වාර්තාවක් සම කිරීමට ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් ඊයේ සමත් විය. වෙලින්ටන්හිදී නවසීලන්තයට එරෙහිව ඊයේ නිමා වූ පළමු…