News Editor

News Editor

පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම්දෙයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ. දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින්…

මැච් එක ගහන්න ටොස් එක දානකල් ඉමු අපි – බැසිල්

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන තීරණය පක්ෂයට ඉදිරිපත් කර ඉදිරියේදී ගන්නා බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.…

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.…

නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් පැවසීය. රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය…

දිවංගත ගාමිණී දිසානායකගේ 82 වන ජන්ම දින ගුණ සමරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්

කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී හෙට සවස 3.30 ට සිදුකරන ඒම ගුණසමරුව ගාමිණී දිසානායකගේ වැඩිමහල් පුත් වත්මන් සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ බාල පුතුවන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ උපදෙස් මත “ගාමිණී දිසානායක පදනම”…

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබාදීමට කැබිනට් අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැ​ඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ…

කථානායකට එරෙහි විශ්වාසභංග විවාදයට තවත් දිනයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (19) සිට 21 වනදා දක්වා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඉන් අනතුරු ලබන 21 වනදා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ. 

අනුර කුමාර දිසානායක හා ජපාන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro, දෙවැනි ලේකම් Imai Kaori සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක…

රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ භාරයේ ඇති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මීට පෙර අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

බිත්තර මිලියන 42 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්.