News Editor

News Editor

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා දිවයිනට – ආනයනකරුවන්ගේ සංගමය

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බවයි අත්‍යවශ්‍ය…

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට මහ බැංකුව තීරණය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ. ඒ…

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත…

රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි – අනුර

රට සහ ජනතාව අද පත්ව ඇති ඉරණමට ඇද දමනු ලැබුවේ මෙරට පැවති දේශපාලන අධිකාරිය විසින් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. (25) කැනඩාවේ Vancouver හීදී පැවති ශ්‍රී ලාංකීය ජන හමුවකදී ඔහු සඳහන් කළේ රට ගොඩනැගීමේ පළමු පියවර…

රාජ්‍ය සේවක වැටුප් අප්‍රේල් 10 වනදාට පෙර ගෙවීමට කටයුතු කරනවා – මුදල් රාජ්‍ය ඇමති

රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප් එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. වසර 2024 අයවැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් 5000 අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා…

අවුරුද්දට භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. උත්සව සමයේ ක්‍රියාත්මක “සේල්” නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී…

අවුරුදු නැකැත් පත පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසයි…

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා. ඒ ජගත් ශ්‍රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් Dillon drills සහ Oliver…

කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගය අප්‍රේල් 03 දැනුම්දීමට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම්දී තිබෙනවා. දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම දැනුම්දීම සිදුකර…

ආණ්ඩුවට ජනතාව නම් හොඳටම බනිනවා – මහින්ද

ඉදිරිපත් වෙන ඕනෑම මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් විවිධ පිරිස්වලට සහයෝගය දක්වන බවට මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති බවද හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින්…