News Editor

News Editor

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 65 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මැතිවරණ…

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිසමට ලිපියක්

තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි. රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  තලතා අතුකෝරල මහත්මිය 2024 අගෝස්තු  මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා…

සීගිරියේ සිංහපාදය අසළ ජල සම්පාදන පද්ධතිය විවෘත කෙරේ

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පසුගිය දා (21) යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය විවෘත කරන ලදී. RO ජල සම්පාදන පද්ධතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ…

අගමැති මෝදි සහ යුක්‍රේන ජනාධිපති අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංචාරයක් සඳහා යුක්‍රේනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එහිදී ඔහු යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව සඳහන්. යුක්‍රේන නිදහසෙන් පසු ඉන්දීය නායකයෙකු විසින් එරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වනවා…

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙකුට අවස්ථාව

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු යෝජනා කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බවයි. ජනාධිපතිවරණයට…

රට තුළ ක්‍රියාත්මක වැඩසටහන් ආණ්ඩුව විසින් ජනතාවට ඉදිරිපත් කරනවා

ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින වැඩසටහන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව ජනතාවගේ අය කෙරෙන බදු මුදල් අවභාවිත වීම පිළිබඳව ජනතාව කිසිදු බියක්…

බුත්තල අනතුරකින් තරුණයෙක් මරුට – තිදෙනෙකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ පා පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තරුණයෙකු මිය ගොස් තිබෙනවා එලෙස මියගොස් ඇත්තේ කුකුරම්පොල ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි 23 හැවිරිදි වියේ පසු වූ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර…

හර්ෂිතාට සීපීඑල් වරම්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිනියක වන හර්ෂිතා මාධවී සමරවික්‍රමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්) තරගාවලියට එක්වීමේ අවස්ථාව උදා වී තිබේ. මෙවර තරගාවලියේදී ඇය ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කිරීමට තෝරා ගෙන ඇති අතර, එම…

ආසියා කාන්තා කායවර්ධන තරගාවලියේදී මධුමාලිගෙන් දස්කම්

ඉන්දුනීසියාවේ පැවැති 56 වැනි ආසියානු කාන්තා කායවර්ධන හා “ෆිසික්” තරගාවලියට සහභාගි වූ අත්තනගල්ල වෙලගෙදර පදිංචි එම්.පී.එන්. නිසංසලා මධුමාලි සෙන්ටිමීටර 170 කාණ්ඩය යටතේ තරග කර සිව්වැනි ස්ථානය හිමිකර ගත්තාය. ගම්බද තරුණියක් වූ ඇය මොඩ්ල් ෆිසික් අංශය නියෝජනය කරමින් මේ තරගයට සහභාගි…