News Editor

News Editor

SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්න – ලංවිම

නිවාසවල වහලය මත සවිකර ඇති සුර්ය පැනල අක්‍රීය කිරිමේ කටයුතු කෙටි පණිවුඩයක් ලැබුණහොත් පමණක් හෙට සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. එම මණ්ඩලය සඳහන් කළේ, ලබන 21 වැනිදා දක්වා කෙටි පණිවුඩ මත පමණක් සුර්ය පැනල අක්‍රිය…

කොළඹට එන මගී ජනතාවට විශේෂ නිවේදනයක්

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කර තිබෙයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ සාමාන්‍ය කාලසටහන යටතේ අද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතෙත්…

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී පැවැත්වෙයි

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට (16) පෙරවරු 9.04 ට යෙදී තිබෙනවා. පච්ච වර්ණ හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බවයි ජෝතිෂ්‍යයේ…

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වෙනවා – සෞඛ්‍ය ඇමති

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත්, කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත් ඔහු සඳහන් කරනවා. පිළිකා රෝගී…

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් සිදුකරන වේලාවන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අදාළ දිනවල ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තැබූ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු කටුනායක ගුවන්…

පිල්ලෙයාන් හමුවීමට රනිල් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළා – මහජන ආරක්ෂක ඇමති

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව  හිටපු ජනාධිපතිවරයා විසින් දැනට…

ඇල්පිටියේ අනතුරකින් 6 හැවරිදි දැරියක් මරුට

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන්…

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කරයි

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2024 වසරේ මුල් මාස 03 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4% ක…