News Editor

News Editor

අල්ලස් ලබාගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් කරන්නේ නැහැ – අනුර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. සමාජයේ මුල් පවුරු නිර්මාණය වී තිබෙන්නේ බුදුදහම පදනම් වී බවත් ජාතික ජන බලවේගය අක්මුල් නොමැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවන…

2025 ජනවාරි සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දමනවා – සජිත්

2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමටද කටයුතු…

ජර්මනියේ පිහි ඇනුමක්

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පිහි ඇනුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. නගර මධ්‍යයේ පැවති උත්සවයක් අතරතුර මෙම පිහි ඇනුම එල්ල වී ඇති බව සඳහන්. ප්‍රහාරකයා තවමත් නිදැල්ලේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නගරය ආරම්භ…

ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය මෙන්න

එළඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරගැනීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 03 වැනිදා ඒවා රට පුරා බෙදාහැරීමට සූදානම් කර තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා සඳහන් කළේ 22000ක් වූ සියලු තැපැල් සේවකයන්ගෙන් සැදුම්ලත් තැපැල් ජාලය ඒ සඳහා සූදානමින් සිටින බවයි.…

ආර්ථික අර්බුදය හමුවේ දුක් විඳි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වරදක් නම් එම වරද පිළිගැනීමට සුදානම් -ජනපති රනිල්

අද තමාට එල්ල වී ඇති චෝදනාව අසීරු අවස්ථාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ජීවත්වීමේ අයිතිය සුරැකීම බව පැවසු ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා එය වරදක් නම් එම වරද පිළිගැනීමට තමා සුදානම් බව අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අම්පාර පොතුවිල්…

චන්දි­මාල් රෝහ­ලට ගිහින් එයි

පන්දු­වක් ඇඟිල්ලේ වැදී­මෙන් සිදු වූ ආබාධක් හේතු­වෙන් ශ්‍රී ලංකා කඩුලු රකින මැද පෙළ පිති­කරු දිනේෂ් චන්දි­මාල් ඊයේ රෝහ­ල්ගත කිරී­මට කට­යුතු කර තිබිණි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනු­වෙන් පන්දු­වට පහර දෙමින් සිටි­යදී මාක් වුඩ් එවූ පන්දු­වක් දකුණු අතේ ඇඟි­ල්ලක වැදී­මෙන් චන්දි­මාල්…

දික්වැල්ල තහ­නම් උත්තේ­ජක චෝදනා පිළි­ග­නියි

තහ­නම් උත්තේ­ජක භාවිත කොට එල්පී­එල් තර­ගා­ව­ලියේ ක්‍රීඩා කළේ යැයි චෝදනා එල්ල වූ ගෝල් මාව­ලර්ස් පිලේ නායක නිරෝ­ෂන් දික්වැල්ල ඊයේ ජාතික විනය කමි­ටුව ඉදි­රියේ චෝදනා පිළි­ග­ත්තේය. එහෙත් ඔහු සිදු කළේ යැයි පව­සන තහ­නම් උත්තේ­ජක භාවි­තය සම්බන්ධ චෝද­නාව එල්පී­එල් තර­ගා­ව­ලිය ඉල­ක්ක­කොට සිදුවූ…

ජන­ප­ති­ව­රණ නිරී­ක්ෂ­ණ­යට යුරෝපා සංග­මයේ නියෝ­ජි­තයෝ පැමි­ණෙති

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය සඳහා යුරෝපා සංග­මයේ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් මේ වන­වි­ටත් දිව­යි­නට පැමිණ තිබේ. මීට අම­ත­රව ජනා­ධි­ප­ති­ව­රණ නිරී­ක්ෂණ කට­යුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් හා ආසි­යානු මැති­ව­රණ නිරී­ක්ෂණ ජාලයේ නියෝ­ජි­ත­යන්ද දිව­යි­නට පැමි­ණී­මට නිය­මි­තය. එම සංවි­ධාන කළ ඉල්ලී­ම­කට අනුව මැති­ව­ර­ණය නිරී­ක්ෂ­ණ­යට අව­ස­රය ලබා­දුන්…

සේරු­විල ලලාට ධාතු පෙර­හර මංග­ල්‍යය අද

උඩ­රට, පහ­ත­රට, සබ­ර­ග­මුව, සාම්ප්‍ර­දා­යික නර්ත­න­ය­න්ගෙන් හා අලි ඇතුන් සහිත මන­ස්කාන්ත සංස්කෘ­තික අංගෝ­පාංග පෙරටු කර­ග­නි­මින් ඓති­හා­සික සේරු­විල ලලාට ධාතු පෙර­හර මංග­ල්‍යය අද (24) සෙන­සු­රාදා උත්ස­ව­ශ්‍රී­යෙන් ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇතැයි සේරු­විල මංගල රාජ­මහා විහා­රා­ධි­පති අළු­දෙ­ණියේ සුබෝධ හිමියෝ පැව­සූහ. මෙවර…