News Editor

News Editor

ජනතාවට බොරු නොකර IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

IMF ගිවිසුම වෙනස් කරන්න බෑ වෙනස් කළොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර…

2025 අය-වැය හදන හැටි ඉලක්කම්වලින් ඔප්පු කර පෙන්වන්න සජිත්ට අභියෝගයක් -ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන නැගෙනහිරදී කියයි

විදේශීය රටවල් සහ විදේශීය ණය දෙන ආයතන සමඟ වත්මන් රජය ඇති කර ගත් එකඟතා බිඳ දමා හැකි නම් ලබන වසර (2025) සඳහා අය-වැය පියවීමට මුදල් හොයා ගන්නේ කෙසේදැයි ඉලක්කම් සහිතව පෙන්වා දෙන්නැයි තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන…

ජනතාව වෙනුවෙන් දුක් විඳින්න මා සූදානම් ජනාධිපති රනිල් මඩකළපුව – දඹුල්ල මැතිවරණ රැලි අමතමින් කියයි

ජනතාව ජීවත් කරවීම යනු ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන හෙයින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුව සහ දඹුල්ල මැතිවරණ ප්‍රචාරක රැලි අමතමින් පෙරේදා (24) පැවසීය. ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදා…

රුක්මන් සේනානායකගේ අවසන් කටයුතු අද

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මුනුපුරෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුද වන හිටපු ඇමැති රුක්මන් සේනානායක මහතා පෙරේදා (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1948 ජුනි 21 වැනි දින උපත ලැබූ රුක්මන් සේනානායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ…

ලංකා සතොස අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමයි

ලංකා සතොස අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමා ඇත. ඒ අනුව සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 242ක් සම්බා සහල් කිලෝ­වක් රුපි­යල් 226ක් කඩල කිලෝ­වක් රුපි­යල් 439ක් ලෙස මිල සංශෝ­ධ­නය කොට තිබේ. 100g හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපි­යල් 92.50, රතු ලූනු…

සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු

2025,2026 වසර වන විට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් රටේ සියලු ජනතාව වෙනුවෙන් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මඩකලපුව කල්ලඩි ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ අද (24) පැවති මඩකලපුව දිස්ත්‍රික් “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු…

ඉන්දීය වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV දර්ශන එළියට

කොල්කටා හි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ චූදිතයා වූ සන්ජෝයි රෝයි වෛද්‍ය විද්‍යාලයට හා රෝහලට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන මාධ්‍යට නිකුත් වී තිබේ. මියගිය වෛද්‍යවරියගේ දේහය අසල තිබී හමුවූ බ්ලූටූත් ඉයර්ෆෝනය සැකකරුගේ…

පැරාලිම්පික් තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08ක්

පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය. එහි දී ඔවුන් ඉසව් 22ක් යටතේ තරග වදිනු…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු 26 එළිදකී

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු 26 වන සඳුදා උදෑසන 10 ට එළිදැක්වීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරනවා. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව ඔස්සේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊළඟ පාර්ලිමේන්තුව තුළ අපේ පක්ෂයේ පිළ් මාරුවීම් වලට ඉඩ නෑ – නාමල්

මීළඟ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පිළ් මාරුවීම් සඳහා අවස්ථාවක් නොමැති බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. සෑම මැතිවරණයකදීම පක්ෂවල අය මාරු වීම යථාර්ථය වී ඇති බවද, එය වැළැක්වීම සඳහා ත​ම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන බවද…