News Editor

News Editor

කෝටි 4ක භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙකු කටුනායකදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට අද (26) උදෑසන ඔවුන් පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු…

ජනපතිවරණය වෙනුවෙන් කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරයි

2024 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරන…

ජනපතිවරණයේ වැඩවලට නොමිලයේ ප්‍රවාහන පහසුකම් තහනම්

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම සියලු ජනාධිපති අපේක්ෂකයින්ට තහනම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම්දී ඇති බව සඳහන්. එමෙන්ම රජයේ ගුවන් යානා…

තැපැල් ඡන්ද පත්‍රිකා ගැන ගත්ත තීරණය

මෙවර ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා අවශ්‍ය වන නිල ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මලු බෙදා හැරීම අද (26) සිට ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 4, 5 සහ 6 යන දිනවලදී සිදු කිරීමට…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවයි

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊට අදාළ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇති බව සඳහන්. ඡන්ද විමසීම සඳහා ඇප මුදල්…

ජනපති අපේක්ෂකගේ සාදයට වැඩ වරදී

අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවකට සහභාගී වූ ආරාධිතයන් සදහා සුදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන බවට අනුරාධපුර…

ශ්‍රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවට ඔහු මෙලෙස සංචිතයට කැඳවා ඇති බව සඳහන්. 20 හැවිරිදි වියේ පසුවන…

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) සිදුවුණා. ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මරදාන දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි වියේ පසුවූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි.