News Editor

News Editor

ජනපති ඉන්දීය සංචාරය අරඹයි

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ගේ පළමු විදෙස් සංචාරය ලෙස අද (15) පස්වරුවේ ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වේ. ජනාධිපති…

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන එකඟතාවක්

ඉන්දු – ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් මහතා අතර පැවති හමුවකදීයි. දෙරටේ ධීවර ගැටලුව විසඳිය යුතු ආකාරය…

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අනිද්දා සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අනිද්දා (17) දිනයේ සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව, ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බව එම කොමිසම වැඩිදුරටත් සන්ධාන කළේය. 2025 වසරේ…

හිඟ බදු නොගෙවන අයට රතු එළියක්

2023 / 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම් වලට කිසිදු දඩ…

ශ්‍රී ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි

රැකියා ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු පිටුවහල් කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. පිටුවහල් කළ අය කෘෂිකාර්මික රැකියා වීසා මත ඊශ්‍රායලයට ඇතුළු වී ඇති නමුත් ඔවුන්ගේ නියමිත සේවා ස්ථාන හැරයෑමෙන් පසු, බේකරිවල සේවය…

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන් දක්වා දිනපතා ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවලට අමතරව සති අන්තයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ…

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල සංචාරය සඳහා අද (15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ආර්ථික වර්ධනයට එම ගිවිසුම් හරහා සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත. එම ගිවිසුම්වලට අමතරව ඉන්දියාව විසින්…

ස්ථාවර තැන්පතු හිමියන්ටත් අස්වැසුම දීලා

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බවට වාර්තා වී තිබේ. දකුණු පළාත් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු නිවේදන

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ මෙම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ…

දිවයින පුරා සහල් සම්බන්ධ වැටලීම් තවදුරටත්

දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ (14) දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවයි. ඉදිරියේදී ද සති අන්තයේ සහ නිවාඩු දිනවලදී වැටලීම් කරන ලෙස අදාළ…