News Editor

News Editor

කොළඹ හොඳම තරු 5 හෝටලය සිනමන් ග්‍රෑන්ඩ්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් හෝටල් කේෂ්ත්‍රය වෙනුවෙන් පැවැත්වූ සම්මාන උලෙළේදී කොළඹ නගරයේ හොඳම තරු 5 හෝටලය ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පසුගියදා සම්මානයට පාත්‍ර වූ බවත්, ඊට සමගාමිව ශ්‍රී ලංකාවේ හොඳම අවන්හල ලෙස සිනමන් ග්‍රෑන්ඩ්හි නුග ගම අවන්හලද සම්මානයට…

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ කැරොල් ගී ප්‍රසංගය හෙටත්

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධාන කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය පෙරේදා (22) කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අයුරු. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය…

මහවැස්සෙන් ගෙවල් කැඩුණු අම්පාරේ පවුල් 5කට මල්වතු මහනාහිමිගෙන් නිවාස

පසුගිය දිනවල ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හානි වූ නිවාස යළි ගොඩනඟාගැනීමට ආර්ථික ශක්තියක් නැති අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 5ක් සඳහා නිවාස 5ක් ඉදි කර දීමට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ. මේ සඳහා මූලික…

නෝර්වේ තානාපතිනිය අගමැතිනි හරිනි හමු වේ

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය අතර හමුවක් අගමැති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවර, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය සහ රැකියා උත්පාදනය ඇතුළු ප්‍රධාන මාතෘකා සමඟ දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම…

එක් මාවතක්-එක් තීරයක් වැඩසටහනින් ජාත්‍යන්තර සහායේ වර්ධනයක්-කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් සෙනරත්

චීනය රජය හඳුන්වා දුන් එක් මාවතක් සහ එක් තීරයක් වැඩසටහන මඟින් ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගය, අවබෝධය වර්ධනය කර ගැනීමට ප්‍රමුඛ කර්යයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් සෙනරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව…

ඉදිරි ඡන්දයට රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරනවා-ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ජනසෙත පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

හැටන් අනතුරින් බරපතළ රෝගීන් අටක් වෙනත් රෝහල් වලට මාරු කෙරේ

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි ඉකුත් (21) දින මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලිමෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත සහ නාවලපිටිය දිස්ත්‍රික්…

යාල කලාපයේ ගංජා හේන් අටක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දෙසැම්බර් 19 වෙනිදා සිට 22 දක්වා දින හතරක් තුළදී යාල වනෝද්‍යානයේ කලාප අංක 06 ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී ගංජාහේන් අටක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගංජාහේන් දෙකක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති…

TikTok මෘදුකාංගය ගැන ට්‍රම්ප්ගේ කැමැත්ත

ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(22) ඇරිසෝනාහි පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ ලබ‍දීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බවයි. ට්‍රම්ප් පැවසුවේ, “මෙම වේදිකාව මත…

රොබින් උතප්පාට එරෙහිව වරෙන්තුවක්

සේවක අර්ථසාධක අරමුදලේ (ඊපීඑෆ්) දායක මුදල් වංචා කිරීමේ චෝදනාව මත හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු රොබින් උතප්පාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කලාපීය අර්ථසාධක අරමුදල් කොමසාරිස් ෂඩක්ෂර ගෝපාල් නැඟෙනහිර බෙංගලෝරයේ පුලකේෂිනගර් පොලිස් ස්ථානයට නිකුත් කර තිබේ. රොබින් උතප්පා පවත්වාගෙන යනු ලබන ඇඟලුම්…