News Editor

News Editor

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පළමුවරට මෙවර ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.…

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කළේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම…

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ – රවී

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා. ඒ අනුව ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ වැඩපිළිවෙළක් ‍නොමැතිවීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස වත්මන්…

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්විමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින්…

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත…

අද කාලගුණ නිවේදනය

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා තද…

පාතාල පෝස්ටර් කැම්පේන් KPI සහ පා.ව.බ. නමින්

අතුරුගිරිය ටැටූ කලාගාරයේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක් වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතින් තර්ජනාත්මක බැනර්…

ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස්

පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි තැබූ තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් බව එෆ්බිඅයි පවසයි. “ජූලි 13 වැනි දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ 20 හැවිරිදි තෝමස් මැතිව්…

මහේස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසු අධිකරණ සේවකයා ‘විත්තිකරුව සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරලා’

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින්, මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත්…

ප්‍රදේශ කිහිපයකට වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද…