News Editor

News Editor

කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු…

A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසනවා. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර…

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා මාර්තු සිට දිවා ආහාරය ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු‍ම දරුවන්ට දිවා ආහාරය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක්…

නිදහස් උත්සවයේ රථවාහන රාජකාරී වලට පොලිස් නිලධාරින් 1500 ක්

හෙට (04) යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහාද නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…

රු.10,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. යතුරු පැදිකරුවෙකුගේ වරද සඳහා නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ලෙස පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ යතුරුපැදිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා…

කොළඹට ආසන්න දුම්රිය ස්ථාන කීපයක හෙට දුම්රිය නවත්වන්නේ නෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

හෙට (04) දිනයේදී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, කොළඹ නගරාසන්න දුම්රිය ස්ථාන කිහිපයක නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව, හෙට පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය තුල මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද අධිකරණයට

අත්අඩංගුවට පත්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා ඊයේ උදෑසන 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එහිදී, පැය 10කට ආසන්න දීර්ඝ ප්‍රශ්න කිරීමකින්…

Online Safety පනතේ අරමුණ ආණ්ඩු විරෝධී posts ටික අයින් කරලා දාන එක – හර්ෂ

ඊයේ (01) සිට බලාත්මක කරන ලද Online Safety පනතේ අරමුණ වන්නේ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය සටහන් මර්දනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව ඒවා සමාජ මාධ්‍ය වෙත එක්කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම එහි අරමුණ බවයි…

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන…

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කරයි

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා. ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.