News Editor

News Editor

රන්මාල කොල්ලකෑ පයාගල මකා දැලේ

කළුතර සහ පානදුර ප්‍රදේශවල මහ මඟ ගමන්ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල මකා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.…

චාල්ස් රජුට පිළිකාවක්

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. පිළිකා වර්ගය අනාවරණය වී නොමැති බවත් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන අතර නමුත් ඔහුගේ විශාල වූ පුරස්ථි ග්‍රන්ථියට ප්‍රතිකාර කිරීමේදී මෙය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. චාල්ස් රජු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පැවති  වැසි තත්ත්වයේ අඩුවීමක් අද (06) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක සහ අනුර අතර හමුවක්

ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (05) සිදුව තිබෙනවා. එහිදී කලාපීය ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින්…

මිනීමැරුම් නඩුවක බොරු සාක්කි දුන් කතට සිරදඬුවම්

බලපිටිය මහාධිකරණයේ දී කොස්ගොඩ පොලිස් වසමේ ගොඩගම ප්‍රදේශයේ පසුගිය 2010 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධව 05 දින විභාග වූ නඩුව සම්බන්ධව පැමිණිල්ල වෙනුවෙන් දෙවන සාක්කිකරු ලෙස අසත්‍ය සාක්ෂි දුන් කොස්ගොඩ ගොඩගම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි ශ්‍රියානි අබේනායක නැමැත්තියට අසත්‍ය සාක්ෂි…

සනත් නිශාන්තගේ රියැදුරු ඇප මත මුදා හැරේ

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියැදුරු ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ අනුව (05) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියැදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.…

මව-පියා-දියණිය ගමන් ගත් ත්‍රීවීලරය බස් රථයේ ගැටෙයි මව මියගොස් දැරියට බරපතළයි

එකම පවුලේ මව, පියා හා තුන් හැවිරිදි දියණිය ගමන් ගත් ත්‍රිරෝද රථයක් හොරණ – පාණදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතළ තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම…

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු  (06) දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව ඊයේ (05) හබරාදුවේදී අත්අඩංගුවට ගෙන තිබුණා. බෙලිඅත්ත පංච…

ජනාධිපතිවරණයේ රටේ අපේක්ෂාව සජිත් ප්‍රේමදාස – බුද්ධික පතිරණ

ජනාධිපතිවරණයේදී රටේ අපේක්ෂාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනතාව දිනවන්නේ සජිත් ප්‍රේමදාස බවයි ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඉදිරි ජනාධිපතිරණයේදී සමගි ජන බලවේගය ඉදිරිපත් කරන්නේ වැඩපිළිවෙළක්…

අලුත් ග්‍රහලෝකයක් ‘නාසා’ සොයාගනියි

පෘථිවියේ ප්‍රමාණයට සමාන ජීවයේ පැවැත්මට හිතකර ග්‍රහලෝකයක් සොයාගත් බව ‘නාසා’ ආයතනය අනාවරණය කරයි. එය තාරකා විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව, අපට තරමක් සමීපව ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇත. ‘සුපිරි පෘථිවිය'(super-Earth) යනුවෙන් නම්කර ඇති මෙම ග්‍රහලෝකය කුඩා, රතු පැහැති තාරකාවක් වටා…