News Editor

News Editor

හෙද හෙදියන් නිල ඇඳුමින් බැහැර වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

පොරොන්දු වූ පරිදි රුපියල් 10,000 ක දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිල ඇඳුමින් බැහැරව සේවය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) ක්‍රියාත්මක වනවා. ඒ අනුව හෙද නිලධාරීන් නිල ඇඳුමින් බැහැරව තම රාජකාරී සඳහා වාර්තා කර…

ප්‍රතිසංස්කරණය කළ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කෙරේ

ප්‍රතිසංස්කරණයෙන් පසු නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා. ඒ අනුව LED ආලෝක කුලුණු හයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රිකට් ක්‍රීඩාංගණය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. මීට අමතරව…

නවක වෛද්‍යවරුන් 1300කට මාර්තු මාසයේ පත්වීම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

ලබන මාර්තු මාසයේදී වෛද්‍යවරුන් 1300 දෙනෙකු රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම වෛද්‍යවරුන් කණ්ඩායම මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කරන්නේ. ඒ අනුව පවතින වෛද්‍ය හිඟයට ඉදිරියේදී…

ජනවාරි මාසයේ සංචාරකයින්ගෙන් රුපියල් මිලියන 500 කට ආසන්න ආදායමක් – සංචාරක සංවර්ධන අධිකාරිය

2024 ජනවාරි මාසයේදී සංචාරකයින් පැමිණීමෙන් ලද ආදායම රුපියල් මිලියන 500කට ආසන්න බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති භාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, ජනවාරි මාසයේදී සංචාරකයින් 208,253 ක් පැමිණි බවයි. එය 2023 වසරේ ජනවාරි මාසය සමඟ සංසන්ධනය කිරීමේදී 104% ක…

පක්ෂයේ තීරණ විවේචනය කළොත් තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නවා – සජිත්

පක්ෂය විසින් ගන්නා තීන්දු තීරණ විවේචනය කරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව විවිධ පුද්ගලයින් පක්ෂයට නොගන්නා ලෙසත් එලෙස ගතහොත් තමා යන බවටත් විවිධ පිරිස් ප්‍රකාශ කරන බවත් එලෙස යන පුද්ගලයින්ට…

ශ්‍රී ලංකා කණ්ඩායමට නව ද​ඟපන්දු යැවීමේ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන ක්‍රෙයිග් හෝවාර්ඩ් පත් කර තිබෙනවා. පෙබරවාරි පළමුවැනිදා සිට වසර දෙකක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති බවයි…

බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළියට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර දැනට බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට වෛද්‍ය නිර්දේශ මත තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර හිමි වී තිබෙනවා. මේ සඳහා අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලීමක් සිදුකර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී B. දිසානායක පවසන්නේ. අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක…

ජනාධිපතිවරණය ඔක්තෝබර් පළවෙනි සතියේ තියෙයි – හරීන් ප්‍රනාන්දු

තමාගේ විශ්වාසය අනුව ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ පැවැත්වෙනු ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එම ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවත්, තමා එය සහතික වශයෙන්ම ප්‍රකාශ කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරණය සඳහා…

රාමසාන් සමයේ රාජ්‍ය සේවකයින්ගේ වැඩමුර සකස් කිරීම ගැන චක්‍රලේඛයක්

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල්…

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා විසින් ජනවාරි මස…