News Editor

News Editor

දැඩි ඉන්දීය විරෝධයක් තිබුණ JVPය අද ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා – නාමල්

දැඩි ඉන්දීය විරෝධයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රටට ලැබුණු බොහෝ විදෙස් ආයෝජන යළි හරවා යැවීමට කටයුතු කළේද ජනතා විමුක්ති පෙරමුණ බවයි උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.…

අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ Observer Research Foundation බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දියාවේ සංචාරකයකට එක්ව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (Think Tank) හමුවී තිබෙනවා. Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට…

කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් අපේ අපේක්ෂකයාට විතරයි – රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි අවස්ථාවේදී සිය ජනාධිපති අපේක්ෂකයා කරළියට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා. මහා ඝණ කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පමණක් බවයි…

රෝහල්වලට සූර්ය බලයෙන් විදුලිය ලබාදීමට ජපානයෙන් ආධාර

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල…

අවිස්සාවේල්ලේ පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා. අදාළ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙහෙළිය පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අනුව පරිසර අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති අතර ජනාධිපතිවරයා විසින් එය භාරගෙන ඇති…

තව කාලයක් යනකම් වාහන ආ​නයනයට අවස්ථාව ලැබෙන එකක් නැහැ – බන්දුල

පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව කාලයකට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි  (06) පැවති…

කංසා ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ආවේ නෑ – බන්දුල

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන වගකීමක් තමන්ට භාරගැනීමට හැකියාවක් නොමැති බවයි ඊයේ (06) පැවති…

ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට වෙන් කළ මුදල් ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමේ තීරණයක්

රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත්, ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින්…

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2022 වසරේ නොවැම්බර් මස 14 දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ…