News Editor

News Editor

ජපන් උපාධිධාරි ශ්‍රී ලාංකික දස දෙනකුට සම්මාන

ජපන් උපාධිධාරි ආදි ශ්‍රී ලාංකික සංවිධානය මඟින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය ජපන් උපාධිධාරීන් දස දෙනෙකුට මෙවර පිරිනැමිණි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉෂෝමතා අකියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී මෙයට වසර 33කට පෙර ජපානයේ අන්තර්ජාතික ජපන් විශ්වවිද්‍යාලයේ ආර්ථික…

ජපානයේ සමුද්‍ර ආරක්ෂක නැවක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මුරසාමේ ( MURASAME) නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි. ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මුරසාමේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා මෙම නෞකාව පෙරේදා ( 22)කොළඹ වරායට සේන්දු වූ…

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ලබන 29 වනදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මෙලෙස අවසර හිමිව ඇත්තේ. මෙම…

පිටතින් ආහාර ඉල්ලූ දේශබන්දු

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා, තමාට පිටතින් ආහාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා හෙට (24) දිනයේ සුදුසු තීරණයක් ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි…

නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ දෙදෙනෙකු අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු දුම්වැටි 10,000ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහු 41 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මේ අතර…

පාප් වහන්සේට රෝහලෙන් පිටව යාවට අවසර -ජනතාව හමුවටත්

මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉන් පිටව යාමට අවසර හිමිව තිබෙනවා. සුව අතට පත්වුවද උන්වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක්…

සීදූවේ ෆේස්බුක් සාදයක් වටලයි

සීදුව කිදිගොඩ බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ පැවති ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙම සාදයට සහභාගී වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා…

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර

ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව අදාළ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ​ පැවැත්වුණා…

මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම් ගැන නිවේදනයක්

මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදාට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් මැයි 08 සහ 09 දෙදින පමණක් පැවැත්වීමට…

පුංචි ඡන්දෙට අදාළ පැමිණිලි කරන්න අලුත් ඇප් එකක්

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් ඊයේ(22) මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දෙනු ලැබීය. විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම මෙලෙස හඳුන්වාදී තිබේ. මැතිවරණ කොමිසමේ…