News Editor

News Editor

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) සවස 5.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන්…

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද දෙවැනි දිනටත්

9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (09) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. එය කල් තැබීමේ යෝජනා විවාදයක් ලෙස පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට ආරම්භ වුණා.

අස්වැසුම සඳහා නව අයදුම්පත් කැඳවීම හෙට සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. පවුල් තෝරා ගැනීමේදී සිදුවූ…

පොලිස් කූඩුවේ සිටි අයට වස මිශ්‍ර කිරි දුන් පුද්ගලයා හඳුනාගනී

ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටි ප්‍රධාන සැකකරුට හා ඔත්තු දුන් පුද්ගලයාට පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍ර කර කිරි තේ දුන් ආගන්තුක පුද්ගලයා සීසීටීවී දර්ශන මඟින් නිශ්චිත ලෙස හඳුනාගෙන ඇතැයි…

ඉන්දීය රජයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහාම පූර්ණ ශිෂ්‍යත්ව

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයන් සඳහා ඒ. පී. ජේ. අබ්දුල් කලාම් පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් කැඳවා ඇත. කීර්තිමත් ඉන්දියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනයන් හි වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර ඉංජිනේරු,…

මෙරටට හොරෙන් ගෙනා ජංගම දුරකතන 525ක් උපාංග තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද ජංගම දුරකතන 525ක් සහ උපාංග තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (07) වැල්ලම්පිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිස්…

දිඹුලාගල සෙල්ලිපියෙන් ක්‍රි.පූ. දෙවැනි සියවසේ තොරතුරු රැසක්

මෙරටින් මෙතෙක් හමු වූ විශාලතම සෙල්ලිපියෙන් ක්‍රි.පූ දෙවැනි සියවසේ හෝ ඊට පෙර සමයක විසූ දේශපාලන චරිත රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වනු ඇතැයි ඒ සෙල් ලිපිය කියවීමේ කමිටුවේ සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ…

යුක්‍රේන හමුදා ප්‍රධානියාව නෙරපයි

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් නෙරපා හැර තිබේ. යුක්‍රේන – රුසියා යුද ගැටුම ආරම්භයේ සිට යුක්‍රේන යුද ප්‍රයත්නයට නායකත්වය දුන් ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ජෙනරාල් වැලෙරි සලුස්නි අතර මාස කිහිපයක සිට…

මිරිහානේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවෙයි

මිරිහාන, ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක් තුළ මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවට සැකකෙරෙක මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි. ඒ එම ප්‍රදේශයේ අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කළ දැනුම් දීමකට…

SL vs AFG 1st ODI : එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (09) ආරම්භ වනවා. පළමු එක්දින තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.