News Editor

News Editor

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලූ ධීවර පෙත්සමක් ඉවතට

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ධීවර ප්‍රජාව ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (9) නිෂ්ප්‍රභ කළේය. කොළඹ වාණිජ මහාධිකරණ…

බටහිර ඔස්ට්‍රේලියා අගමැති ජනපති රනිල් හමු වෙයි

සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා පර්ත් නුවරදී ඊයේ (9) හමු වූ අයුරු. ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය,…

පාකිස්තාන පාසල් සිසු පිරිසක් ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පෞද්ගලික පාසලක් වන Academia Civitasහි ශිෂ්‍ය කණ්ඩායමක් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යලය වෙත ඊයේ (9) පැමිණියහ. එම පාසලේ දැනට ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිසුන් 21 දෙනකුගෙන්…

ජෝර්දාන ඇඟලුම් කම්හල් දෙකක අසරණව සිටි ශ්‍රී ලාංකිකයෝ 66ක් මෙරට එති

ජෝර්දානයේ ඇඟලුම් කම්හල් දෙකක ආයෝජකයන් එහි සේවකයන්ට නොදන්වා අතුරුදන්වීම නිසා ඒ කම්හල්වල අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු ඊයේ (09) අලුයම, තමන්ට හිමි සියලු වරප්‍රසාද ලබාගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නමැති මේ කර්මාන්තශාලා…

මහ කන්නයේ වී මිලට ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය අවම මිල ගණන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තෙතමනය 14% මට්ටමක ඇති නාඩු වී කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 105ක්, සම්බා කිලෝවට රු. 120ක් සහ කීරි සම්බා කිලෝවක් රු. 130ක්…

වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කරයි

ඉදිරි වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ ඉලක්කගත වැඩපිළිවෙළ සඳහා දායකත්වය ලබා දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කෘෂිකර්ම ව්‍යාපෘති රැසක් සඳහා…

බිලියන අටේ විසුම්පාය 4කට විකුණන්න හදනවා

නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිලියන 8ක වටිනාකමක් ඇති ‘විසුම්පාය’ බිලියන 4කට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය. තැරැව්කරුවන් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටින බවත්, මෙවැනි අඩු මුදලකට පහළ වටිනාකමකට විකුණන්නේ ඇයිද කියා…

උපන් බිම යළි ගොඩනැඟීමට ක්‍රියාකාරිව එකතු වන්න

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ට ජනපතිගෙන් ඇරියුම් ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙළ එරට ශ්‍රී ලාංකිකයන්ගේ පැසසුමට ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට ඊයේ (9) ඇරියුම් කළේය. ඔහු මේ ඉල්ලීම සිදු කළේ…

ව්‍යවසායකත්ව අදහස් අගයන Mora Ventures 6 වන අදියර සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන Mora Ventures නව්‍ය ව්‍යාපාරික අදහස් ඇගයීමට ලක් කිරීමේ තරඟාවලියෙහි 6 වන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙරට නව ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් උදෙසා වේදිකාවක් තනා දෙන මෙම තරඟාවලිය සඳහා වයස්…

අනුර ඇතුළු පිරිස කේරලයේ Vikram Sarabhai අභ්‍යාවකාශ මධ්‍යස්ථාන​යේ සහ Technopark හි සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ අද (09) සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve සාකච්ඡා පවත්වා තිබෙන ඔවුන්, ඉන්…