News Editor

News Editor

අක්‍රීය ණය ප්‍රමාණය 13 % කින් ඉහළට

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. ආර්ථික ස්ථාවරත්වය 2%ට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ…

ඉන්දියන් බිත්තර සතොසට එන දවස

මෙම වසරේ මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි. ඒ අනුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා…

ජනපති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබෙයි ඒ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දීයි. එහිදී දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා වෙයි

ජනපති යළි දිවයිනට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . ජනාධිපතිවරයා සමග එහි…

මහාචාර්ය අර්ජුන පොලිස් සයිබර් අපරාධ ඒකකයට

ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් කරන ලදැයි කියන ව්‍යාජ ප්‍රකාශ ඇතුළත් විවිධ ලිපි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත. එම ලිපි මගින් දියවැඩියා රෝගයට සම්බන්ධ ඖෂධීය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම…

SL vs AFG 2nd ODI : දෙවන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

එමිරේට්ස් දේශයේ හින්දු කෝවිලක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ඉදිකළ හින්දු කෝවිල ලබන 14 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් විවෘත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අබුඩාබි නුවර ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ එම හින්දු කෝවිලේ භාරකාර මණ්ඩලයේ ආරාධනාව අගමැති…

දූෂණ වංචා චෝදනාවලට ලක් වූ නිලධාරීන් ලක්ෂයකට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

දූෂණ වංචා චෝදනාවලට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් එක්ලක්ෂ දසදහසකට පසුගිය වසරේදී විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි චීන දූෂණ විරෝධී ඒකකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පක්ෂ ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම පිරිසුදු කිරීමේ සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමේ අරමුණින් මේ…

ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටෙයි – දෙදෙනෙක් මරුට

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ…