News Editor

News Editor

පුංචි ඡන්දයේදී සැලකිය යුත්තේ ඥාතීත්වය හෝ මිත්‍රත්වය නොවේ-ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව දරන පක්ෂය සතුවීම ඉතා වැදගත් නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒවායේ සියලු බලතල මාලිමාවට දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ මහතා මේ ඉල්ලීම කළේ පසුගියදා (21) බත්තරමුල්ල,…

මර්වින් සිල්වා යළි රිමාන්ඩ් කෙරේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට…

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24)  ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටී. ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි…

පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඊයේ (23) දිනයට මැතිවරණ පැමිණිලි 06ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙහිදී අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවීම, පක්ෂ ප්‍රවර්ධනය වන ලෙස කොඩි ප්‍රදර්ශනය කිරිම, වියළි ආහාර බෙදාදීම හා වීදි ලාම්පු…

ශිරන්ති ලක්ෂ 5ට ගත් ඉඩම ලක්ෂ 120ට විකුණලා-නි.ඇමැති මහින්ද ජයසිංහ මැතිසබයේදී කියයි

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් 2012 වසරේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට රුපියල් ලක්ෂ පහක් වැනි අඩු මිල ගණන් යටතේ පවරාගෙන ඇතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසීය. එලෙස අඩු මිලට ගෙන ඇති එම ඉඩම් 2023 වසරේදී දෙහිවල එස්.ද.එස්.…

ශ්‍රී දළදා ප්‍රදර්ශනය ගැන සංසරණය වන ව්‍යාජ පුවතක් ගැන දැනුම් දීමක්

සිරි දළදා වන්ඳනාව ගැන වට්ඇප් මාර්ගයෙන් හුවමාරු වන අසත්‍ය පුවතක් ගැන ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින්…

අනතුරට පත් චීන ගුවන්යානයේ දෝෂයක් නැහැ – ඇමති බිමල් රත්නායක

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව…

නාගලගම් වීදියේ වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය මාර්තු 17 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. නාගලගම් වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදුකර තිබුණි. මෙම සිද්ධියට මුහුණදුන් තුවාලකරුවන්ගේ දුරකථනය…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන…

හිටපු ජනපති රනිල්ගේ උපන් දිනයට චීන තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය. මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. හිටපු ජනාධිපති…