News Editor

News Editor

රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි

වෘත්තිකයන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී ඇති කරනවා – 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී…

විදත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නවා – රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

විදත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පැවසීය. ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ…

ජනතාව ගැන සිතා වැඩට එන්න ඇමැති රමේෂ් සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අපහසුතාවට පත් වන මෙරට ජනතාව පිළිබඳ සැලකිල්ලට ගෙන වෘත්තීයමය කටයුතු නැවත ආරම්භ කර මෙරට ජනතාව වෙනුවෙන් සේවාවන් පවත්වාගෙන යෑමට උදවු කරන ලෙස වර්ජකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.…

කොළඹ, මෝදර වෙඩි තැබීමක්

මෝදර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් අවන්හල් තුවාල ලැබුවා. කොළඹ, මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ දී ඊයේ(13) රාත්‍රීයේ අවන්හලක් අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීමෙන් අදාළ අවන්හලේ කළමනාකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු…

රට විරුවන්ට කෝටියක් දක්වා නිවාස ණය

කැබිනට් අනුමැතියත් හිමි වෙයි විගමනික ශ්‍රමිකයන්ට නිවාස තනා ගැනීම සඳහා රුපියල් මිලියන 10ක ණය පහසුකමක් සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍රලාභී බැංකු සමඟ සහයෝගයෙන් විගමනික ශ්‍රමිකයන් සඳහා…

SL vs AFG 3rd ODI : තුන්වන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා. අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භවීමට නියමිතයි. මේ වන විටත් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ලෙස තරගාවලිය…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර…

සෞඛ්‍ය සේවයට අදාළ සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව…

2024 සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් අයඳුම්කරුවන් වෙත…

ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තබයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම…