News Editor

News Editor

කෙහෙළිය අද යළි අධිකරණය වෙත

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (15) යළි මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය 2 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන…

පක්ෂ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ – චන්ද්‍රිකා

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ. විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ…

මගේ ඉලක්කය ලෝකයෙන්ම හොඳම පිතිකරුවා වීම – පැතුම්

තමාගේ ඉලක්කය ලෝකයේ හොඳම පිතිකරුවා වීම බව ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක පවසනවා. ඒ අනුව ඒ සඳහා උපරිමයෙන් වෙහෙස වන බවයි ඊයේ (14) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ පිතිකරණය, පන්දු…

පියුමා ලංකාවට රැගෙන එයි

සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පියුම් හස්තික හෙවත් පියුමා නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත්…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දමයි

එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ නිවේදනය පහතින්.

මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති එක් වෙයි

සෑමවිටම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දෙනවා – ජනපති. අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් නැහැ. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද එළැඹීමට සූදානම් – ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ ගැටලුවට මහ පාරේ විසඳුම් නැහැ. එය සාකච්ඡා කර ක්‍රමිකව විසඳාගත යුතුයි – දුමින්ද…

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුවා

නාවික බහාලුම් ප්‍රවාහනය කිරීම 32%කින් ඉහළට – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට – ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන බවට ජනපතිගෙන් සහතිකයක්

මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 1917 රුසියානු විප්ලවයේ දී ලෙනින් කොමියුනිට්ස්වාදය පිළිබඳ කතා කළේ නැහැ. මෙම ව්‍යාපෘතියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා…

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

මාර්තු 15ට පෙර අයදුම් කරන්න. අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්යයි. පළමු අදියරේ සුදුසුකම් නොලැබූවන්ට තොරතුරු නැවත සනාථ කිරීමට අවස්ථාවක් ළඟදීම. අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම්…

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය අකිහිකෝ අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම…