News Editor

News Editor

තලතාගේ පුටුව කරු පරණවිතානට

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රිත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඊයේ (21) ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තේරී පත්වීමට නියමිතව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කරුණාරත්න පරණවිතාන මහතායි. සමගි ජන බලවේගයෙන් ඔහු 2020 පාර්ලිමේන්තු…

මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් හැටියට අප එකතු වෙලා ජනාධිපතිවරයාට සහාය පළ කරනවා – මුස්ලිම් මන්ත්‍රීවරු කියති

රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මුස්ලිම් මන්ත්‍රීවරු පවසති. කොළඹ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට ඊයේ (21) එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළ කරන…

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස්…

පනත් කෙටුම්පත් දෙකක් සලකා බැලීමට නම් කෙරුණු කාරක සභා සාමාජික මන්ත්‍රීවරු

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර ඇති බව කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ…

අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් මන්ත්‍රීලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර ලබා දී තිබෙනවා. එහිදී අලි සාහීර් මව්ලානා මහතා කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව සඳහන්. වඩිවෙල් සුරේෂ් මහතා පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා…

ඔබාමාගෙන් කමලා හැරිස්ට ජයග්‍රාහී ප්‍රකාශයක්

හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා චිකාගෝ හි අද පැවැත්වූ ඩිමොක්‍රටික් ජාතික සමුළුවේදී මෙවර ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් වෙනුවෙන් ප්‍රබල ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට 2008 මැතිවරණයේ සිට භාවිතා කළ ඔහුගේ…

ජනපති අපේක්ෂකයින් අතර විවාදයට අපේක්ෂයින් 39 දෙනාටම ඇරයුම් කෙරේ

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර…

“ඕනෑම විවාදයකට මම සූදානම් “ ඇමති කංචන

ඉල්ලුමට අනුව අඛණ්ඩ විදුලි බල සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේදී ඉතාහාසය පුරා බාධා සිදුකලේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති යැයි අමාත්‍ය කංචන විජේසේකර  මහතා සඳහන් කළේය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ  (20) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය…

අධි රුධිර පීඩනය හා දියවැඩියාව ලංකාවටම තර්ජනයක් -ඇමති රමේෂ් පතිරණ

වැඩිහිටි ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයෙන් ද 24% ක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බවත් මෙය ලංකාවටම ප්‍රබල තර්ජනයක් බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ සඳහා ඉදිරි වර්ෂවල මුදල් වැඩිපුර යොදවා ප්‍රාථමික සත්කාර තවදුරටත් වැඩිදියුණු කර රෝග…

ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුවයි -කථානායක මහින්ද යාපා අබේවර්ධන

ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බවත් දැනට ලොව පවතින වඩාත් යෝග්‍ය සහ සාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ගොඩනැගී තිබෙන බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. කථානායකවරයා මේ බව සඳහන් කර සිටියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ…