News Editor

News Editor

SL vs AFG 2nd T20 : ශ්‍රී ලංකාවට ලකුණු 72 ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන්…

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් (19) සිදුව තිබෙනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති…

දුම්රියක ගැටී මවක් සහ දරුවන් දෙදෙනෙක් මරුට

ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දරුවන් උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය මෙලෙස (19) පස්වරුවේ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

ධුර අහෝසි කරන කතා කෙරෙන වැඩ​ නෙමෙයි, දේශපාලඥයෝ මිනිස්සු රවට්ටනවා – මල්වතු පාර්ශවයේ මහානායක හිමි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන දේශපාලඥයින් කතා වන්නේ 2012 සිට බවද, එය කෙරෙන වැඩක් නොව බොරු වැඩක් බවද මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් පවසනවා. දේශපාලඥයින් විසින් මිනිසුන් රැවටීමට ලක් කරන අතර ජනතාව ද හැමදාම…

සම්මානයක් පොලීසිය අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස් දෙපාර්තමේන්තුවේ මෑත කාලීන භාවිතයන්ට විරෝධය පළ කරමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අතින් පාපැදි තරග සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාර විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ සිදුවීමෙන් පසු පෙබරවාරි 15 වනදා…

ජී. එල්. පීරිස්ගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා. මේ වන විට ප්‍රබල ජන මතයක් සජිත් ප්‍රේමදාසට ගොඩනැගෙමින් ඇති බවයි නිදහස ජනතා සභාව (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.…

කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම ලබාදෙයි

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයාට මරණ දඬුවම නියම කර තිබෙනවා. නඩුවේ තීන්දුව (19) ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අදාළ නියෝගය (19) ලබාදී තිබෙනවා. 2012 වසරේ ජුලි මහ 19 වනදා…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට කමිටුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර (19) පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පත්කර ඇති බවයි…

පාසල් වෙත සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව එම අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා. ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවයි…

69 ලක්ෂය අඩුවෙලාද වැඩිවෙලාද කියලා බලාගන්න පුළුවන් මැතිවරණයකින් – තිස්ස කුට්ටිආරච්චි

එන ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණදීමට අවශ්‍ය පසුබිම පක්ෂයක් ලෙස සකස්කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. 69 ලක්ෂයක් ඡන්දය තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද වැඩිවී හෝ අඩුවී ඇද්ද යන්න දැන ගැනීමට හැකි වන්නේ මැතිවරණයක් පැවති පසුව බවයි මාධ්‍ය…