News Editor

News Editor

SL vs BAN : තරගාවලි කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස තරග 3 ක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරග දෙකක්ද එම තරග සංචාරයට අයත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඩීසල් ටොන් 40,000ක් ලබාදෙයි

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා. මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, එම…

ඉරාන විදේශ ඇමති දිවයිනට පැමි‍ණෙයි

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Hossein Amir-Abdollahian තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස (19) රාත්‍රී දිවයිනට පැමිණි බවයි වාර්තා වෙන්නේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි…

බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.  (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල්…

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය. යෝජිත ධීවර පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ද…

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා පත් කෙරේ

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා විසින් මීට පෙර දරන ලද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම නව…

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළා. විධිමත් සැලසුම් මඟින් ශ්‍රී ලංකාව නැවතත් ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස නඟා සිටුවනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරය අමතමින් ජනපති පවසයි. එක්සත්…

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය. හිටපු අමාත්‍යවරයාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, කටුගම්පල පිහිටි නිවසට (20) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ පුතණුවන්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද පස්වරු 5.00 දක්වා සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි. එසේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන…